Tuesday, November 8, 2011

අහිකුන්ඨික ගිම්හානය (Gypsy Summer)
















පැහැදිලි අහසේ
නිල,
ඉර වැටිල දිලිසෙන
ගස්වල
කොළ,
අමතක වෙච්ච
සායං ගිය
හීනයක් වෙලා තියෙද්දි,
හදිසියේ
ඇයගෙන්
ඊමේල් එකක්.
වචන පේලි දෙකක්..

ප.ලි. :
වළාකුලු මතුවී ගස්වල කොළ හැලී සීතලෙන් වෙලීයන හේමන්තයේ මැද හිටිහැටියේ පාත් වී හිටි හැටියේ නික්මයන ඉර හොඳින් පෑයූ උණුසුම් දවස් Gypsy summer කියන නමින් හඳුන්වනවා.