Wednesday, March 31, 2010

නිල් පාට අහසේ...













නිල්ම නිල් පාට
අහසේ
තැන තැන වැටුනු
කෙඳි වලා
ඇගේ ඇස්වල
කැලුම් වැදිලා
රතු පාටට
දිලිසෙන හැටි
දැක්කද?

Monday, March 29, 2010

හිම කඳුළු















මේ වසත් දොරටු මත
වැටෙන්නේ....
සිසිරයේ
අවසන් හිම කඳුළු...
සුදුම සුදු
හිම කඳුළු...

Thursday, March 18, 2010

ආදර කවිය



















ආදරේ ගැන ලියැවුනු
කවි බොහෝමයි..
ඉතින් මොකටද
තවත් කවි?
ඔබ අසාවි....
ඒ වුනත්
මම අසමි,
කෝ............
මගේ ආදරේ වෙනුවෙන්
කවියක්.....?

Wednesday, March 17, 2010

ගිණිකඳු















බලන්න
මේ කඳු දිහා.....
පොළෝ ගැබේ
ගැඹුරුම තැන් වල
අනන්ත දුක් රහස්
හංඟගෙන
ඉහළට නැඟලා,
අහස පුරා දුවන
වලකුළු වල,
ඉඳලා හිටලා
දැවටෙන
දේදුනු වල,
දුක් සුසුම් අහන හැටි......
මේ ඔක්කොම
දරාගන්නට බැරිම තැන
පැසවන
ලේ පාට
කඳුලු කැට වගුරවා
හඬන හැටි.....

Monday, March 15, 2010

ඊයේ පායපු හඳ















ඊයේ රෑ
හඳ බැලුවද?
ලස්සනට පායලා තිබුනා.....
ගණ සැරේට එකතුවෙච්ච
මීදුම අතරින්
රැස් වලල්ලක්
ඇඟ වටේ ඔතාගෙන
හඳ හිනාවුනා....
මම බලාගෙන හිටියා
උමතුවෙන් වගේ
ඔයා බැලුවෙ නැද්ද?
තව මාසෙකින්
ආයෙත් පුරහඳ පායාවි....
අපේ ජීවිත කාලේ පුරාවට
එක හඳක් නෙවේ
හඳවල් සීයක් හිනා වේවි
ඊයේ හඳටත් වඩා ලස්සන
ඒක ඇත්ත....
ඒ වුනත්,
ඒ එකක්වත්
ඊයේ පායපු හඳ නොවේ....