Friday, April 2, 2010

ඔබ ගඟක් වගේ...














ඔබ ගඟක් වගේ...
ඔහු සයුර වගේ...
ගං ඉවුර මත
ගඟට
දුරත් නැති
ලඟත් නැති
දුරක හිඳ,
ගඟ ගලා යනු බලා
තුටුවන,
තුටු වී සුලඟට නැළවෙන,
තණ පඳුර වගේ
මම....

Thursday, April 1, 2010

පරණ ඩයරියක ලියලා තිබුනා.....















බස් එකේ ඉඳගෙන
ජනේලයෙන් එලිය බලාගෙන
සිතිවිලි වල කිමිදෙමින් ඉන්නකොට
මට
ඇසිපිය ගහන සැනින්
ඇයව මතක් වුනා....
විදුලියක් වගේ
හැමදාම
හිත ඇතුලෙ
දඟ දාපු පැණය
ආයෙත්...
"මම ඇයට ආදරේද?"
බස් එකෙන් එලියේ
පහුවෙවී යන
නොයෙක් දේවල්,
මිනිස්සු,
නොපෙනිලා ගිහින්
ඇගේ රූපය පමණක් ඉතිරිවෙලා
යලි යලිත්
ඒ පැණය
වද කලා....
"මම ඇයට ආදරේද?"
බස් එකෙන් බහිනකොටවත්
උත්තරයක්
ලැබී තිබුනේ නෑ...
බැහැලා
පාර දිගේ ඇවිදගෙන යද්දී...
පාර පුරා
ඇහැළ මල්
වැටිලා තිබුනා....
මා යන පාර දිගට
සිසිල් සුලං රැළි
එකින් එක මල් පොකුරු
බිමට හලමින් තිබුනා....

Wednesday, March 31, 2010

නිල් පාට අහසේ...













නිල්ම නිල් පාට
අහසේ
තැන තැන වැටුනු
කෙඳි වලා
ඇගේ ඇස්වල
කැලුම් වැදිලා
රතු පාටට
දිලිසෙන හැටි
දැක්කද?

Monday, March 29, 2010

හිම කඳුළු















මේ වසත් දොරටු මත
වැටෙන්නේ....
සිසිරයේ
අවසන් හිම කඳුළු...
සුදුම සුදු
හිම කඳුළු...

Thursday, March 18, 2010

ආදර කවිය



















ආදරේ ගැන ලියැවුනු
කවි බොහෝමයි..
ඉතින් මොකටද
තවත් කවි?
ඔබ අසාවි....
ඒ වුනත්
මම අසමි,
කෝ............
මගේ ආදරේ වෙනුවෙන්
කවියක්.....?

Wednesday, March 17, 2010

ගිණිකඳු















බලන්න
මේ කඳු දිහා.....
පොළෝ ගැබේ
ගැඹුරුම තැන් වල
අනන්ත දුක් රහස්
හංඟගෙන
ඉහළට නැඟලා,
අහස පුරා දුවන
වලකුළු වල,
ඉඳලා හිටලා
දැවටෙන
දේදුනු වල,
දුක් සුසුම් අහන හැටි......
මේ ඔක්කොම
දරාගන්නට බැරිම තැන
පැසවන
ලේ පාට
කඳුලු කැට වගුරවා
හඬන හැටි.....

Monday, March 15, 2010

ඊයේ පායපු හඳ















ඊයේ රෑ
හඳ බැලුවද?
ලස්සනට පායලා තිබුනා.....
ගණ සැරේට එකතුවෙච්ච
මීදුම අතරින්
රැස් වලල්ලක්
ඇඟ වටේ ඔතාගෙන
හඳ හිනාවුනා....
මම බලාගෙන හිටියා
උමතුවෙන් වගේ
ඔයා බැලුවෙ නැද්ද?
තව මාසෙකින්
ආයෙත් පුරහඳ පායාවි....
අපේ ජීවිත කාලේ පුරාවට
එක හඳක් නෙවේ
හඳවල් සීයක් හිනා වේවි
ඊයේ හඳටත් වඩා ලස්සන
ඒක ඇත්ත....
ඒ වුනත්,
ඒ එකක්වත්
ඊයේ පායපු හඳ නොවේ....