skip to main
|
skip to sidebar
වවුල් තිප්පොලේ සිට...
Friday, September 3, 2010
මා පෙම් කල සියලුම කෙල්ලන්...
මා පෙම් කල
සියලුම කෙල්ලන්
හදවතේ
කෑල්ල කෑල්ල
කඩාගෙන ගිහින්
අන්තිම එක විතරක්
තිබුනා ඉතිරිවෙලා....
ඒකත් කඩාගෙන
ඇයත් ගියාට පස්සේ
මං....
හදවතක් නැතුව
බලන් ඉන්නවා
මොනව කරන්නද කියලා....
Tuesday, August 31, 2010
සමුගැනීමට මොහොතකට පෙර....
පුරහඳ
දුර ඈත තරුවක් සමඟ
මොනවාද කොඳුරයි...
දිගු රතැඟිලි
ගිතාරුවෙ තත් පුරා
හෙමි හෙමින් වැතිරෙයි...
හදවතින් මිදුනු ගී හඬ
සීත සුළඟට මුසුවෙලා
මල් පඳුරු කළඹයි.....
තණ බිස්ස මත
පිණි කැටවල සීතලට
දෙපතුලද,
හදවතද,
එක ලෙසින් සසැලෙයි.....
Wednesday, August 18, 2010
තව එක පාරක් එනවද...
සඳපානේ ගං ඉවුරේ
නුඹ සිටිනා තැන කියන්න
බයිසිකලේ බ්‍රේක් නැතිව
මම එනවා එක හැල්මෙම
රන් පාටට දිදුලන දිය
මතුපිට පුන් සඳ දකින්න
තව එක පාරක් එනවද
යන්නට පෙර, මට කියන්න
ගං ඉවුරේ පඩි ගැට්ටේ
වතුරට සේදෙන ඉසව්වෙ
දෙපා දොවන පෙන කැටිවල
මුදු කිතියක සුව විඳින්න
සිසිල් සුලං රැලි විඳ විඳ
වයින් විතක රස බලන්න
තව එක පාරක් එනවද
යන්නට පෙර, මට කියන්න
Friday, August 13, 2010
ඇය තවම ආවේ නෑ...
මං බලන් උන්නා
ඇය එනතුරා
නොදන්න නුපුරුදු
මිනිසුන් මැදට වෙලා
සමහරු හිනාවුනා
සමහරු කතා කලා
ඒත් ඇය ආවේ නෑ..
මං ඇවිද්දා
මං ඉඳන් හිටියා
මං හිටන් හිටියා
ආයෙත් ඉඳගත්තා
අන්තිමේදි ඇය ආවා
ඒත් ඇය සිටියේ නෑ..
අප කතා කලා
එකට ආවා
වෙන් වෙලා ගියා
ඒත් ඇය ආවේම නෑ...
දවස් ගතවුනා
තනිව ලතවුනා
දහස් වර හමුව ඇති
දහස් වර කතා කර ඇති
මිනිසුන් මැදට වෙලා
මං බලන් උන්නා
ඇය තවම ආවේ නෑ...
ඡායා මාත්‍රයක්වත්
සුසුම් පොදක්වත්
තවම නෑ....
Tuesday, August 10, 2010
මැස්සෝ.....
පුංචි මැස්සෝ
පුංචිම පුංචි මැස්සෝ
උඹ කොහෙන්ද
මගේ ඇහැට රිංගුවේ..
මං එන මග
බලන් හිටියද උඹ..
මගේ මුලු ඇහැම රිදෙනවා...
කඳුළු ගලාගෙන එනවා...
පොඩි වෙලා
ඇහැ ඇතුලෙම
මැරිල ගිහින්ද?
පණ තියනවනං
උත්තර දීපන්...
ඇත්ත කියපන්...
එයා නේද උඹව එවුවේ?
මං එන මග බලන් ඉඳලා
මගේ ඇහැට රිංගන්ඩ කියලා
මැස්සෝ...
මම ඉන්නෙ දුකින්
උඹ ඒක දන්නවද?
එයා උඹට කිව්වද ඒක?
මම ඉන්නෙ හරිම දුකෙන්...
දුක ඝනීභවනය වෙලා
කැටිවෙලා...
මට අඬන්ඩ ඕනේ...
කඳුළු හලලා
ඉකි ගහලා
ඒත්
මට අඬන්ඩ බෑ
ඇඬෙන්නෙ නෑ
කඳුළු හිරවෙලා
ඇස්කුහර ඇතුලේ...
එයා ඒක දන්නවා
එයා උඹව එවන්ඩ ඇති
මගේ ඇහැට රිංගලා
හිරවුනු කඳුළු
අයින් කරන්ඩ කියලා
එහෙම නේද මැස්සෝ....
දැන් මේ ගලන් යන්නේ
ඒ හිර වෙච්ච කඳුළු....
උඹ ජීවිතේ දුන්නද
මං වෙනුවෙන්......
උඹ හරිම හොඳයි
උඹව එව්ව
එයා වගේම....
ඒත් උඹ හිතනවද
මගේ දුක අඩු උනා කියලා..
කඳුළු ගලලා
දෙගොඩ තලලා
යටවෙලා ගියත්
ඒක එහෙමමයි...
ගණ වෙලා
කැටි වෙලා
හදවතේ...
ගැඹුරේ...
එතැනට ලංවෙන්න උඹට පුලුවන්ද?
මැස්සෝ...
එතැනට ලංවුනත්,
පුලුවන්ද උඹට
ඒ දුක නැති කරන්න.
ලේ කැටි වලින්
පයින්ට් ගනනින්
එලියට දාන්න වෙයි.
පුංචිම පුංචි
උඹට පුලුවන්ද
එහෙම කරන්න
මට උඹ ගැන දුකයි
මැස්සෝ......
Friday, July 30, 2010
මගේ දේදුන්න....
දේදුන්නෙන් එගොඩ වෙලා
සුරංගනා ලොවට යන්න
එයාලා කතා කරනවා
මට.
ඒත් මං
කොහෙ යන්නද?
ඇයයි දේදුන්න.
ඔයාලා යන්න
සුරංගනා ලෝකෙට
මං
මගේ දේදුන්න ගාව...
Friday, July 2, 2010
ඔරායන්...
හලෝ මිත්‍රයා
ඔරායන්...
දඩයක්කාරයා...
කාලෙකට පස්සේ
ඉතින් කොහොමද
අද නිකමට
අහස දිහා බලන් ඉන්න
හිතුන මට
අහම්බෙන් දැක්කේ
උඹව
ඉතින් කොහොමද යාලුවා
මතකද ඒ කාලේ
අපි කතා කරා
මං උඹව අඳුනගත්ත අලුත
දැන් සෑහෙන කාලයක්
උඹට මතකද?
කෝ අනිත් අය?
ආ....මේ ඉන්නේ....
අං දෙකත් දික්කරගෙන
කෝ අඟේ කොන?
එදාට වඩා අඟලක්වත් දික්වෙලාද?
හද්දින්නත් තරු පොකුර....
මෙන්න !!!
තරු හතම ගනන් කරන්න
දැන් වත් පුලුවන්ද?
පුදුමයි....
උඹලා ඔක්කොම
හිටපු තැන්වල
හිටපු විදිහටම.....
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
මම....
Chamila
View my complete profile
පිරිවර
ගොනුව
▼
2015
(1)
▼
October
(1)
ඔය මල් හිනාව
►
2014
(1)
►
September
(1)
►
2013
(3)
►
March
(1)
►
February
(2)
►
2012
(2)
►
November
(1)
►
January
(1)
►
2011
(10)
►
November
(1)
►
September
(1)
►
August
(1)
►
June
(2)
►
May
(2)
►
April
(2)
►
January
(1)
►
2010
(31)
►
November
(1)
►
October
(1)
►
September
(4)
►
August
(4)
►
July
(2)
►
June
(3)
►
May
(2)
►
April
(8)
►
March
(5)
►
January
(1)
සැරිසරන තැන්
චේජනාගේ පිටුව (Chejana's web page)
අන්තඃකල්පිත මනසක තෝරාගැනීම II - Selection of an Introvert's mind II
2 days ago
වචන ටැක්සි
Beyond the Goat: one possible Lacanian reading of Neranjana?
3 days ago
indi.ca
How Iran Took The Road Less Travelled By
4 days ago
මාතලන් | Maathalan
ආර්ථිකය පිළිබඳව ආන්ඩුවේ පම්පෝරි පසුපස ඇති ඇත්ත කතාව.
2 weeks ago
ansathu dinapotha
මිස්ටර කොත්තු සහ බිග් චුන්
4 weeks ago
W3Lanka
ජනාධිපති අනුර උර දී තිබෙන විප්ලවය කුමක්ද?
4 months ago
ටොපිය
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
1 year ago
Baiscope sinhalen
Adios Amigo (2024) Sinhala Subtitles | අපූරු මිතුරන් දෙදෙනා [සිංහල උපසිරැසි]
1 year ago
~~..... සංසාරේ අපි ..... ~~
[418] හෘද සංවාද 47 - Harda Sanvada 47 - එයාලගෙ ආදරේ !
4 years ago
සොඳුරු සිත ( Beautiful Mind )
ගෙජ්ජි මල්ල්
6 years ago
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!
ලියුම් දෙකයි!
6 years ago
මංමුලාවූ සිතිවිලි......
අවනතිය
7 years ago
දුකා..
ඒ කාලය ආයේ පතමි !
7 years ago
◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►
පුතා..!
7 years ago
Moving Images, Moving People!
සිවුමංසල කොලු ගැටයා #368: #FakeNews ව්‍යාජ පුවත්වලට නීතියෙන් වැට බැඳිය හැකිද?
8 years ago
Abnormal Minds
ලියුමක්
8 years ago
ජීවත් වෙනකොට | while living
මා හූනා
8 years ago
අකුරු
122. හදවත් සැත්කම
9 years ago
හිස් අහස
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක්
9 years ago
සිත් ආර
ලකී
9 years ago
හදේ තත් නුගැසුම් | Pulse of a Rhythmic Heart
බැස ගොස් හිරු බොහෝ වෙලා - විලියම් වර්ඩ්ස්වර්ත්
9 years ago
Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය
බර්ලින් තාප්පයේ සෙවනැල්ලට යට වූ රතු සහෝදරවරු
10 years ago
පිණිබිඳු...
දයාබර අම්මා...
10 years ago
maa dakina sihina
අහසට වීසි කළ පෙම් කවියක්
10 years ago
RearGate
Sahampathi thoughts - අකුරැස්සේ ගමන
11 years ago
කොට ජීවිතේ
Cara Mengobati Stroke dengan Jus Kulit Manggis
11 years ago
බූන්දි|BOONDI
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]
11 years ago
Mage Sanda | මගේ සඳ
අවුරුද්ද සහ අවුරුදු කෑම
11 years ago
බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
රාජසේකර වලව්ව සහ හරමානිස් !
11 years ago
කතන්දර
පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය - End of an era!
12 years ago
The Girl on the Move....
HAPPINESS IS....
12 years ago
හිපියාගේ සටහන්...
ඩැෆඩිල්: Verses from my eternal twenties
12 years ago
අඹ ගහ යට
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!
12 years ago
සිහින සෙවනැළි || Blood Injected Dreams
නිර්වාණයේ දොරකඩ හිඳිමි
12 years ago
pawkaraya
විනෝද සමාජය Society (forced) enjoyment
12 years ago
අතීතයෙන් ගඟ ගලා.... බසි.....
මොකද්ද මේ....
13 years ago
sky dreams - ආකාස හීන
ගලගොඩඅත්තේ ඥානසාර *රි (නරි) *ත්තා(මුත්තා)ට...! (16+)
13 years ago
෴. පිටස්තරයාගේ ලෝකය෴
කැත කූඹී...
13 years ago
පිටස්තරයා-2
'බුද්දාගම' රැක ගන්නට පෝස්ටර් ගහන 'සැදැහැවතුනි', ඔය ගහන්නෙ කාගෙ පෝස්ටරය දැ'යි ඔබ දන්නවා ද?
13 years ago
රෑ රූ
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි
13 years ago
සිංහල නට්සීවාදය හා දේශප්‍රේමී රයිකය
සිරකරුවෝද මනුශ්‍යයෝය....... මුන්?
13 years ago
මගේ මරණය
Write to express, not to impress
14 years ago
වැහිලිහිණි ගීතය
ලසන්ත, මහින්ද සහ ලංකාවේ ජන මාධ්‍ය
14 years ago
වාසලගේ සටහන්......
මොනිටරයෙන් 3D ෆිල්ම් බැලීම
14 years ago
ගැමියා
අත්තම්ම දැං හොදටම නැහැදිලා බොලව්
15 years ago
මගේ කතාව
04 - සංක්‍රමණය
16 years ago
හැන්දෑව
Out In The Open
SETT Unicode Decoder