Wednesday, May 26, 2010

ලෝකේ තියන උසම ගොඩනැගිල්ලේ ඉඳලා මං බිමට පනිනවා... .














ලෝකේ තියන
උසම ගොඩනැගිල්ලේ ඉඳලා
මං බිමට පනිනවා...
ඇයි කියල අහන්නෙ?
නිකං...
නිකම්ම නිකං...
හිතන්න දෙයක් නෑ
මොකුත් නොහිතා
ඔන්න පැන්නා!!!
හුලං පාර මැද්දෙන්
බුසු බුසු ගාලා
පහලට වැටෙනවා
ගුරුත්වයට අහුවෙලා
ඒත් බර සැහැල්ලු වෙලා..
පපුවත් හිරවෙලා
සතුට හින්දද මන්දා...
මං ගලාගෙන යනවා
හුලඟ මැද්දෙන්
ගඟක් වගේ..
දෑත් දෙපා දික්කරගෙන
විඳින්න ඕනෙ මේ නිමේෂය
පොලවට වැටෙන්නට ඉස්සර
උපරිමේටම.....
ඒත්
මෙන්න පොළොව !!!!!!
දඩස් !!!!
..........................
ඇහුනද ඒ සද්දෙ?
බොල් සද්දෙ


Wednesday, May 12, 2010

අප ඇවිද ගියා....















සොඳුරු ඇගේ වත
කාලෙකට පස්සේ
දැක්කා
හීනයක....
අත් අල්ලන්
අප ඇවිද ගියා
නොදන්න නුපුරුදු
පාරවල් දිහා...
මුදු ලැම
පහස..
මගේ අත් දඬුවලට
දැනුනා...
හරිම මිහිරිව...
සඳ වතුර ගලලා
දිව්‍යාලෝකයක් වාගෙයි
පෙනුනේ
ඒ මැද
මගේ අතගෙන
ඇය...
සුරඟනක් වාගෙයි
සිටියේ..
අප ඇවිද ගියා
නොදන්න නුපුරුදු
ඉමක් සොයා
හීනයෙන් එහා.....

Wednesday, April 28, 2010

චෙරි කැකුලු වියන යට......














තාරුකා ගගන
අප දෙදෙන
අතර තනි රකින
චෙරි කැකුලු වියන

මත් වූ නුවන
ඇර නොඇර බලන
කෙස් රොදින් වැසුන
ඔබේ සුදු මුහුන

හිරිගඩු පවන
මැද සිනා සලන
අප ගැන සොයන
අයෙකු නැත මෙදින

සැලෙන හද විල
වැටෙන පිනි වල
වළලු රැලි මත
සැලෙයි ඔබෙ රුව

කාල සලකුණු
මැකී වියැකුනු
ඇසිල්ලේ සොඳුරු
ගැලී මියැදෙමු.....


Thursday, April 22, 2010

මැඩිසන් කවුන්ටියේ පාලම්....



















අයෝවාවේ
කෙත්වතු වල
දුහුවිලි මුසු සුළඟේ
අමුතු සුවඳක් දැනුනා..
රෝස්මන් පාලම දෙපැත්තේ
පුංචි පුංචි කැලෑමල්
පිපිලා තිබුනා...
නුඹ මාව ගෙන ගියේ
පාලම වෙත නොව
ඉන් එහා පැත්තේ
අලුත් ලොවකට බව
මට දැනුනා....
ආපසු එනවිට
බලු කුක්කෙක්
බුරමින්
අපි පස්සෙන්
ආවා මතකද?
ඒ ආවේ
ගිය දෙන්නා නොව
වෙනස්ම දෙන්නෙක්
කියලා
මට හිතුනා.....

Clint Eastwood විසින් නිමැවූ The Bridges of Madison County චිත්‍රපටය නැරඹීමෙන් පසුව ලියැවුනි. මෙයට තේමා වන්නේ ඇමරිකාවේ කෘෂිකාර්මික ප්‍රාන්තයක් වන අයෝවාවේ (Iowa) මැඩිසන් ප්‍රදේශයේ සිදුවන සිද්ධි මාලාවකි. මෙම ප්‍රදේශයේ ඇති ඉපැරණි, වහල සහිත පාලම් වල පින්තූර ගැනීමට එන මැදිවිය ඉක්මවමින් සිටින ඡායාරූප ශිල්පියෙකු වන Robert Kincaid රෝස්මන් පාලම වෙත යන පාර අසන්නේ මැදිවියේ සිටි, දරු දෙදෙනෙකුට ආදරණීය මවක් වූ, යහපත් සැමියෙකුට ආදරණීය බිරිඳක් වූ, Francesca ගෙනි. The Bridges of Madison County ඔවුන් දෙදෙනාගේ අමරණීය ආදරයේ කතාවයි.....


Tuesday, April 13, 2010

පීඩාකාරී සුළඟ ට...



















පීඩාකාරී සුළඟ,
තව හයියෙන් හමන්න
මම දරාගෙන ඉන්නම්...
මග එන වසන්තය
ඉක්මනින් ගෙන එන්න
චෙරි කැකුළු පුබුදන්න


Sunday, April 11, 2010

ආදරය ලැගුම් ගන්නේ කොහේද?



















ආදරය
ලැගුම් ගන්නේ කොහේද?
හිස් මුදුනේ සිට
ඇඟිලි කොන දක්වා
කකියයි..
ඔක්කොටෝම වැඩිය
පපුව හිර වෙයි...
ආදරය ලැගුම් ගන්නේ
පපු කුහර ඇතුලෙද?
එහි ලැගගෙන
අඬු පඬු
ඇඟපුරා
පතුරවා යවනවද?
මම අතගා බලමි
පපුව
හෙමින්
තදින්
ඇතුලට
ඒ වුනත් හසුනොවේ
ආදරය
කොතරම් ගැඹුරින්ද
නුඹ ඉන්නෙ
පපුව පලා
දෙපළු කර
බැලිය යුතුයි....

Saturday, April 10, 2010

පොර කුකුල්ලු
















පොර කුකුල්ලු
වී අහුලති
කති
අනිත් කුකුලන් සේම....
ඇත්තටම මුන්
පොර කුකුල්ලුද?