Friday, November 9, 2012
ශරත් අහස යට...
ශරත් අහසට වැද
එක එක හැඩයට පාවෙන
වලාකුළු වල
කොතැනකවත්
ඔබේ හැඩය
ඇඳිලා නෑ...
හේමන්ත නින්දට පෙර
එක එක පාටට සැරසෙන
ගස් කොළවල
කොතැනකවත්
ඔබේ පාට
තැවරී නෑ...
Saturday, January 7, 2012
කවුද ඈ?
ඈ
තනිමග
නොරැඳෙයි
කසාදෙට පෙර
පඳුරු ගානේ
නොනිදයි
මදුවිතක් දෙසවත්
නොබලයි
මේ පිරිමි ලොව
පිරිමියට තැන දෙයි
පාසැලට සමුදෙයි
ගෙදර දොර
වැඩ
ඉයුම් පිහුම්
මැහුම් ගෙතුම්
ටිකෙන් ටික
හුරු වෙයි
කල වයස
පැමිණි කල
හැඩි දැඩි
හද මුදු
පිරිමියෙකු
අත පතයි
කවුද ඈ?
හෙළ බොදු
කුළ කතද?
නෑ..
සංකර
ලංඩන් පුරවර
ජිප්සි කෙල්ලක්...
Big Fat Gypsy Wedding නැමැති වාර්තා වැඩසටහන නැරඹීමෙන් පසුව ලියැවුණි.
Subscribe to:
Posts (Atom)