Monday, September 1, 2014

හුස්මක්...


ඇස් පියාගෙන
තදින් හුස්මක්
ගනිමි.
අනන්තය
හමු නොවූ
විශ්වයෙන්
පොදක්
සුසුම්නලයට
ඇදගමි.
බිලියන දහතුනක
ඉතිහාසයක්
පෙනහළුවලට
පුරවමි.
ඒ හුස්මට
තවත් සුසුමක්
මුසුකොට,
පා කර හරිමි.