Wednesday, March 13, 2013

මොකද මෙච්චර ලංවෙලා?















ඈ මගේ
ඇඟේ
වදින නොවදින
දුරින්..
මගේ උණුසුම්
සුසුම්
දැනෙනවා ඇති
ඇගේ
ගෙල මතින්..
"මොකද මෙච්චර ලංවෙලා?"
උත්තර නැති ප්‍රශ්න
වචන නැති උත්තර
"හ්ම්ම්...."
තප්පර දහයක් ගතවුනා
තප්පර විස්සක් ගතවුනා
තප්පර තිහක්...
මොහොතකින් ඇය හැරී
මගේ පැත්තට නැවී
විසල් තරු නෙත් වලින්
පුදුම වී බලා උන්නා...
ඒ තමයි
මං ඈව
සිපගත්ත
මොහොත!
ඊට පස්සේ
ඝණ සැරේට
දිගටම වැස්ස...