Wednesday, June 29, 2011

ශිම්මේ පාර ලඟ උයනේ, ලී බංකුව - Do you melt?


















සීතල විඳින්න,
තනියම පුළුවන්ද
මේ විදිහට.
එන්න ඔබ
ශිම්මේ පාර ලඟ
උයනට.
වතුරමල ලඟ
ලී බංකුව උඩ,
මං ඉන්නව
මග බල බල...
පින්න වැටුනට මොකද
දියවෙලා යන එකක් නෑ අපිව.
ඇත්තටම,
දියවෙලා ගියත් මොකද
මේ පුංචි ලී බංකුවට....



Tuesday, June 7, 2011

නිදි කුමරිය...




















මගේ සොඳුරිය...
ඔබ ඔය ලෙසින්ම
නිදන්න.
සුන්දර සිහිනෙක
සිත දවටාගෙන,
විස්මිත සිනාව
මුව සරසාගෙන,
නිදන්න.
ඔබේ සිහිනෙන්
ඔබ මුදන්න
කවුරුවත්ම නෑ...

මූදු හතෙන් එහා
ඈ ගිය දා ඉඳලා
ඔබ ඇය යාකල
නාභි රැහැන් පොට,
දියවී යනවා
දියවී යනවා
නැතිවී යනහැටි
බලන් ඉන්නවා...
ඇයටවත් බෑ
ඔබට අත තියන්නට
ඉතින්
සැතපී හිඳින්න...

කලකට පෙර
ඔබ ඇය
ක්ලෝනයක් තරමටම
සමපාත වූ දා සිට
නුඹ මගේ නිදි කුමරිය..
ඇය නම් අලුත් වී
නැවුම් වී
නෙක සලු දරා
පැමිනෙද්දී
නුඹ නිදාඋන්නාය
ඔය ලෙසින්....

ඉතින් නිදන්න..
සුන්දර සිහිනෙක
සිත දවටාගෙන,
විස්මිත සිනාව
මුව සරසාගෙන,
නිදන්න...
ඔය සිනාවෙන්ම
ගෙනයන්න මා
සුසානය වෙත...