Monday, May 30, 2011

ඈ කියාදුන් පාඩම...















අඳුර කපා හිරු
නැගෙන විට අහසේ
නිදිබර නෙත්වලින්
පා මදහාසේ
ඇය මට කියාදුන්නා
පාඩමක් රහසේ
ආදරය....
තණපතක් අග රැඳුනු
පිණිබිඳක් වාගේ...


Sunday, May 15, 2011

ගිය වාරේ.. මල් වාරේ...

















චෙරි කැකුළු වියන යට
පෙති සැලී
පාවඩය එළලා.
හුලං පොදක් නැති
වළාකුලක් නැති
තරුත් නැති
අහස යට
ගුලිවෙලා...

ගිය වාරේ
මල් වාරේ
කවුරුත් නැති
මල්යායේ
මැද
බංකුවට වෙලා..
බුබුලු සැලෙන
මල්මී ගෙන
අප සිටියා
ඈත
මන්දාකිණියේ
කිමිදිලා...

-------------------------------------------------------
වසරකට පෙර එය මෙසේ ලියැවුණි...