හලෝ මිත්‍රයා
ඔරායන්...
දඩයක්කාරයා...
කාලෙකට පස්සේ
ඉතින් කොහොමද
අද නිකමට
අහස දිහා බලන් ඉන්න
හිතුන මට
අහම්බෙන් දැක්කේ
උඹව
ඉතින් කොහොමද යාලුවා
මතකද ඒ කාලේ
අපි කතා කරා
මං උඹව අඳුනගත්ත අලුත
දැන් සෑහෙන කාලයක්
උඹට මතකද?
කෝ අනිත් අය?
ආ....මේ ඉන්නේ....
අං දෙකත් දික්කරගෙන
කෝ අඟේ කොන?
එදාට වඩා අඟලක්වත් දික්වෙලාද?
හද්දින්නත් තරු පොකුර....
මෙන්න !!!
තරු හතම ගනන් කරන්න
දැන් වත් පුලුවන්ද?
පුදුමයි....
උඹලා ඔක්කොම
හිටපු තැන්වල
හිටපු විදිහටම.....
පුදුමයි....
ReplyDeleteඋඹලා ඔක්කොම
හිටපු තැන්වල
හිටපු විදිහටම.....
මම විතරක් දුර ගිහිල්ලා
එහෙම හිතුවාට ඒක එහෙමමද?
නැහැ වගෙයි
අපි හැමෝම එකම තැන
කැරකෙනවා
මම කොතැනද?.....
ReplyDeletei was there. orion . those days were amazing. i make my sight in to night sky and keep looking for something i missing. but there was nothing. when i realise verything was gone.
ReplyDeletechamila ayya.
in my age 13, 14 every day i spend some nighttime with this amazing stuff.
wow...........
ReplyDeleteහරිම අපූරුයි චමිල.....කාලෙකට පස්සෙ හොද අපූරු නිර්මාණයක් දැක්කා......රන්දිල්ගෙ පිළිතුරත් නියමයි
RanDil ට : ඔව්..... අපි එක පැත්තකින් බැලුවොත් ඒක ඇත්ත..අපි එක තැන කැරකෙනව.... ඒත් තව පැත්තකින් බැලුවහම මම එදා ඔරායන් එක්ක කතා කරපු පොඩි එකාගෙන් ගොඩාක් දුර ගිහින්. සාමාන්‍ය පෙළ කරල උසස් පෙළට ගියාට පස්සෙ හිටියෙ කලින් හිටිය එක්කනා නෙවේ. උසස් පෙලෙන් කැම්පස් ගියෙත් වෙනස්ම එක්කෙනෙක්. කැම්පස් එකෙන් අයින් වෙලා රස්සාවට ගියෙත්, රස්සාවෙන් අයින් වෙලා රට ආවෙත් වෙනස්ම මිනිස්සු.. ඒ මට දැනෙන විදිහ. මම තවම ආදරෙයි ඒ තරු බලපු පොඩි එකාට.... හැමදාම ඔරායන් දකිද්දි මට එයාව මතක් වෙනවා.
ReplyDeleteස්තුතියි RanDil මට නොපෙනුන පැත්තක් පෙන්නලා දුන්නට
හේමලයාට : මම කොතැනද කියන එක ප්‍රශ්නයක්. ඒත් ගොඩක් දුර කියලනම් කියන්ඩ පුලුවන්... ස්තුතියි අදහස් වලට...
ReplyDelete@Rava : Yeah It's amazing. After staring at the sky for hours, there were movements that I forget everything around me, just those stars and me. I had many "Orion nights" like that when I was little. I can do it even now but it'll never be the same....
ReplyDeleteThanks for sharing your "Orion nights" male...
දිල් ට: හද පිරි තුති !!!
ReplyDeleteසත්තකින්ම මාගේ සිත මේ තුළ රඳවා තබා යමි .....! අගනා නිර්මාණයක්.....
ReplyDeleteඋෂාන් පුෂ්පකුමාර පෙරෙරා ට : ස්තුතියි...!!!
ReplyDelete[මගේ කොමෙන්ටුවේ ඉතිරි කොටස]
ReplyDeleteමන්දා ඔබට මතකද කියලා මට මතකයි පහේ පන්තියේ සිංහල පොතේ තිබුනා ජපන් ළමයෙක් තමයි ඉකේයා කියන වල්ග තරුව හොයා ගත්තේ කියලා. ඒ ළමයාගේ නම තමයි ඒ වල්ග තරුවට දාලා තියෙන්නේත්. ඉතිං අපි අතර කී දෙනෙක් ඉකේයා වෙන්න උත්සහ කලාද නේද? එහෙම වෙන්න බැරි වුනාට වෙනත් අය නම් කරපු ඔරායන්ලා හත්දින්නත් තරු පුංචි වලස්සු ලොකු වලස්සු අපේ හිත් වල තාමත් රැඳිලා ඉන්නවා. ඔබ ඒ තරු පිරි අතීතයට නැවතත් අපව රැගෙන ගියා
මට යාන්තමට වගේ එහෙම කතාවක් මතකයි. නම් ගම් නන් මතක නැහැ.ඔව්, ඇත්ත. ඒ වගේ ඒව දැකල, අහල, තමයි අපිත් එහෙම වෙන්න ට්‍රයි කලේ...තරු අපේ නමින් නම් කරන්න බැරි උනාට සුන්දර මතක ගොඩක් ඉතිරිවෙලා තියනව නේද?
ReplyDeleteසන්තොසයි ඒ මතකය අවදි කරන්න පොඩ්ඩක් හරි පුලුවන් උනානන්... ස්තුතියි RanDil...!!!
නුඹත් ඔතන ඔහොම ඉන්න
ReplyDeleteමමත් මෙතන මෙහෙම ඉන්නවා
එයා නන් එතන එහෙමම ඉන්නවා.....මම මෙතන මෙහෙම ඉන්න ට්‍රයි කරනවා....
ReplyDeleteස්තුතියි අක්කේ අදහසට.....