Friday, August 13, 2010

ඇය තවම ආවේ නෑ...
















මං බලන් උන්නා
ඇය එනතුරා
නොදන්න නුපුරුදු
මිනිසුන් මැදට වෙලා
සමහරු හිනාවුනා
සමහරු කතා කලා
ඒත් ඇය ආවේ නෑ..
මං ඇවිද්දා
මං ඉඳන් හිටියා
මං හිටන් හිටියා
ආයෙත් ඉඳගත්තා
අන්තිමේදි ඇය ආවා
ඒත් ඇය සිටියේ නෑ..
අප කතා කලා
එකට ආවා
වෙන් වෙලා ගියා
ඒත් ඇය ආවේම නෑ...
දවස් ගතවුනා
තනිව ලතවුනා
දහස් වර හමුව ඇති
දහස් වර කතා කර ඇති
මිනිසුන් මැදට වෙලා
මං බලන් උන්නා
ඇය තවම ආවේ නෑ...
ඡායා මාත්‍රයක්වත්
සුසුම් පොදක්වත්
තවම නෑ....


7 comments:

  1. සහසක් දන මැද තනිව....මගබලං....එනතුරු හුදකලාව.....

    ReplyDelete
  2. "ඇය" කවදාවත්ම එන එකක් නෑ "ඔබ" ඉන්නකම්...

    ReplyDelete
  3. හේමලයා ට : ඔව්....සුන්දර හුදෙකලාව.... ස්තුතියි..!!!

    ``` Outsider``` ට : කීපවරක්ම යන්නට සිතුවෙමි. එහෙත් දෙපා පණ නැති විය.....
    "ඇය"ත් "මම"ත් නැති දවසක "අප" කොහේදී හෝ හමුවනු ඇත.
    ස්තුතියි !!!

    ReplyDelete
  4. නො එන බව දැන දැන්
    නො එන ඇ එනතුරු
    බලන් ඉන්න එපා

    ReplyDelete
  5. කොච්චර බලා හිටියත් ඇය ආයේ එන්නෙ නැහැ මල්ලි..
    සොයමු වෙන කෙනෙක්..ඔබටම හිමි කැකුළක් ...

    ReplyDelete
  6. හ්ම්.... සෑහෙන්ඩ සංකීර්ණයි.
    මේ තියෙන්නෙ ඔය අත්දැකීමම තව කෙනෙකුට දැනුන හැටි.
    කිරිගරුඬ පුදසුන

    ReplyDelete
  7. පබලු ට: එන බව හිත් කොනේ පුංචි බලාපොරොත්තුවක් තියනව. ඒ හින්ද තව ටිකක් බලන් ඉන්න ඉඩ දෙන්න. ස්තුතියි පබලු !!!

    වත් ට: වෙන කැකුලු නන් හොයන්න බෑ තව සෑහෙන කාලෙකට.... අනික හොයලා වැඩක් නැහැ. හැමදාම උනා වගේ හම්බවෙන්න ඕනේ. ස්තුතියි අක්කේ....!!!

    charmi ට: හ්ම්ම්ම්.....ෆැන්ටසිය බිඳී යාම....එකම සිද්දිය වෙනස් විදිහකට බැලීමක්. මට නන් ඔහොම හිතුනෙ නන් නැහැ. කවදාවත්ම හිතෙන එකකුත් නැහැ. මට නන් තවම දේදුන්නම තමයි.

    http://wawulthippola.blogspot.com/2010/07/blog-post_30.html

    ස්තුතියි මචන්...!!

    ReplyDelete