තාරුකා ගගන
අප දෙදෙන
අතර තනි රකින
චෙරි කැකුලු වියන
මත් වූ නුවන
ඇර නොඇර බලන
කෙස් රොදින් වැසුන
ඔබේ සුදු මුහුන
හිරිගඩු පවන
මැද සිනා සලන
අප ගැන සොයන
අයෙකු නැත මෙදින
සැලෙන හද විල
වැටෙන පිනි වල
වළලු රැලි මත
සැලෙයි ඔබෙ රුව
කාල සලකුණු
මැකී වියැකුනු
ඇසිල්ලේ සොඳුරු
ගැලී මියැදෙමු.....
කල්පයක් පාරමී පිරුවත්
ReplyDeleteඅසුරු සැනක් සේ දැනෙන
පෙම් සිසිල් අසපුවක
සුව විඳින ඇසිල්ලක
අපූරුව . . . අපූරුයි !
හ්ම්......
ReplyDeleteඇසිල්ලක වුවත්
සුවය සහනයක්
පසු දිනක යලිත්
මතක මං පෙතේ
ඈවිද යන විටත් ....
අපූරුයි තමයි සත්තකින්ම අපූරුයි .....
ලස්සනයි..
ReplyDeleteසොදුරුතම නිමේෂයක් හිතේ මවන්න සමත් උනා මචන් මේ පදපෙළ. නියමෙට ලියලා තියනවා.
ReplyDeleteහරිම ලස්සනයි මේ පද පෙල නම්...... සොඳුරු මොහොතක් හිතින් විඳින්න පුළුවන් වුනා....
ReplyDeleteදුකා, Wath, Naya, Raven, විශ්මි
ReplyDeleteස්තුතියි අදහස් වලට...!!! සන්තෝසයි කට්ටිය රසවින්ද එක ගැන.... මට ඒ දැනුන දෙයින් බිඳක්වත් මේ පද ටිකෙන් දෙන්ඩ පුලුවන් උනා නන් ඒක තමයි මගේ සතුට...(හැබැයි මේක පෙම් සුව විඳින අවස්ථාවක්ම නෙවෙයි ;) )
වයසට ගිය යුවලක් .... චෙරිගහක් යට... එකිනෙකාගෙ දෑස් දෙස බලාගෙන... එකිනෙකාගෙ අත්වැල් අල්ලගෙන..
ReplyDeleteචමිල අයියා නියමයි...
lassanai :)
ReplyDeleteරවාට : වෙනස්ම අදහසක්.... හැබැයි මලේ මට තවම එච්චර වයසක් නැහැ ;) ඇත්තම සිද්දිය ටිකක් වෙනස්. ඒත් මගේ ඒ පෞද්ගලික අත්දැකීමෙන් එහාට ගිහින් මේකෙන් එක එක අදහස් මතු වෙනව නන් මම ඒකට කැමතියි. ස්තුතියි රවා...
ReplyDeleteකවි ද මන්දා ට: ස්තුතියි... :)