
මගේ සොඳුරිය...
ඔබ ඔය ලෙසින්ම
නිදන්න.
සුන්දර සිහිනෙක
සිත දවටාගෙන,
විස්මිත සිනාව
මුව සරසාගෙන,
නිදන්න.
ඔබේ සිහිනෙන්
ඔබ මුදන්න
කවුරුවත්ම නෑ...
මූදු හතෙන් එහා
ඈ ගිය දා ඉඳලා
ඔබ ඇය යාකල
නාභි රැහැන් පොට,
දියවී යනවා
දියවී යනවා
නැතිවී යනහැටි
බලන් ඉන්නවා...
ඇයටවත් බෑ
ඔබට අත තියන්නට
ඉතින්
සැතපී හිඳින්න...
කලකට පෙර
ඔබ ඇය
ක්ලෝනයක් තරමටම
සමපාත වූ දා සිට
නුඹ මගේ නිදි කුමරිය..
ඇය නම් අලුත් වී
නැවුම් වී
නෙක සලු දරා
පැමිනෙද්දී
නුඹ නිදාඋන්නාය
ඔය ලෙසින්....
ඉතින් නිදන්න..
සුන්දර සිහිනෙක
සිත දවටාගෙන,
විස්මිත සිනාව
මුව සරසාගෙන,
නිදන්න...
ඔය සිනාවෙන්ම
ගෙනයන්න මා
සුසානය වෙත...
"ඉතින් නිදන්න..
ReplyDeleteසුන්දර සිහිනෙක
සිත දවටාගෙන,
විස්මිත සිනාව
මුව සරසාගෙන,
නිදන්න...
ඔය සිනාවෙන්ම
ගෙනයන්න මා
සුසානය වෙත..."
කාව්‍ය අදහස ප්‍රබලයි...
``` Outsider```: ස්තූතියි...!!!
ReplyDeleteඅපූරු පද පෙළක් චමිල..
ReplyDeleteඅවසාන පද ටිකනම් හුඟාක් දැනුනා
ස්තූතියි දිල්... :D
ReplyDeleteනිදි කුමරිය නුඹ නිදන්න
ReplyDeleteඔහු පෙම සිත තුල නිදන්න
දවසක නුඹ නෙතු හැරියොත්
පෙම වැලලෙයි නුඹ නිදන්න
සොඳුරු සිත:
ReplyDeleteහරියට හරි... හැබැයි පොඩි වෙනසක් කරන්ඩත් හිතෙනව. මෙන්න මෙහෙම
"දවසක නුඹ නෙතු හැරියොත්
ෆැන්ටසිය බිඳෙයි නුඹ නිදන්න" :)
ලස්සනයි සහෝ. කොහොමද මේ තරම්ම හිත හෙලවෙන්න ලියන්නෙ. වාව්.
ReplyDeleteමේ කවිය ගැන පොඩි ටීකාවක් දැන්වත් ලිව්වනම් හොඳයි බන් ඇත්තෙන්ම මොකද අපි එක එක ඒවා හිතා ගත්තට උඹේ ඇත්තම අදහස දැනගත්තම මේ කවිය ඊට වඩා විඳින්න පුලුවන් වෙයි .
ReplyDeleteපිණිබිඳු... : මගේ හිත හෙලවිල්ලෙන් පොඩ්ඩක් තමයි දැනෙන්ඩ ඇත්තෙ... ජීවිතේ හෙලවෙද්දි ඒක කොහෙන් හරි එළියට දාන්ඩත් එපෑය... ගොඩක් වෙලාවට වවුල් තිප්පොලෙන් තමයි එළියට එන්නෙ.... ස්තූතියි හැමදාම මේ පැත්තෙ ඇවිත් යනවට !!!
ReplyDeleteදුකා අය්යා... පොඩ්ඩක් පරක්කු වුනා රිප්ලයි කරන්ඩ...
ReplyDeleteමම කැමති කියවන කට්ටිය මවාගන්න කතාවලට. ඒත් මගේ කතාව දාන්ඩ කියල ඉල්ලල තියන හින්ද පොඩ්ඩක් කියන්නන්....(ෆේස්බුක් එකේ තවත් යාලුවෙක් මේකම අහල තිබ්බ )
මේ බ්ලොග් එකේ ලියල තියන හැම වචනයක් පිටිපස්සෙම ඇත්ත කතාවක් තියෙනව.ලියවෙන්නෙ ඒ ඒ වෙලාවට ඇතිවෙච්චි හැඟීම්. ඉතින් මේක පිටිපස්සෙත් ඉන්නවා ගෑනු ළමයෙක් !!!
ඔය නිදාගන ඉන්න එක්කෙනා මුලින්ම උපන්නෙ මම ඒ ගෑනු ළමය දැක්ක දවසෙ. ඒ හන්දා ඔය නිදාගෙන ඉන්න එක්කෙනාගෙ අම්ම තමයි අර ගෑනුළමය. ඒ දෙන්නා මුලින්ම සමපාතයි, නිකන් දෙන්නම එක්කෙනෙක් වගේ. පස්සෙ ගෑනු ළමය හොඳට අඳුරගනිද්දි දෙන්න පොඩ්ඩ පොඩ්ඩ ගැටෙන්ඩ ගන්නවා. දෙන්න අතර පෙකණිවැල බිඳෙන්ඩ ගන්නවා. මම අර්බුධයකට එනවා. කාට වැඩිපුර ආදරේ කරන්ඩද කියලා. අන්තිමට අර ගෑනු ළමයට යන්ඩ සිද්ධවෙනවා ලෝකෙ එහා කොණට. දැන් ඉතින් මට ඉන්නෙ අර නිදාගෙන ඉන්න එක්කෙනා විතරයි. තවම මට හිතා ගන්ඩ බෑ මම ඇත්තටම ආදරේ මූදු හතෙන් එහා ගියපු එක්කෙනාටද නැත්තන් නිදාගෙන ඉන්න එක්කෙනාටද කියල...
තව එකක්. මේක ලියන්ඩ කලින් මං සින්දුවක් ඇහුවා... ඒකෙන් කෙලින්ම මේකට කෙලින්ම බලපෑමක් ආවා.... සින්දුවේ කියන්නෙ මේ කතාව නෙවේ...මං හිතන්නෙ සින්දුව ඇහුවට පස්සෙ හිතේ තිබ්බ එක උඩට ආවා... සින්දුව අහල විනාඩි පහකින් මේක ලිවුවා...
ReplyDeleteඒ සින්දුවේ ලින්ක් එකක්නම් නෑ.. නැත්තම් ඒක දාන්ඩ තිබ්බ මෙතන. MP3 එකක් තමයි තියෙන්නෙ...