Tuesday, November 8, 2011

අහිකුන්ඨික ගිම්හානය (Gypsy Summer)
















පැහැදිලි අහසේ
නිල,
ඉර වැටිල දිලිසෙන
ගස්වල
කොළ,
අමතක වෙච්ච
සායං ගිය
හීනයක් වෙලා තියෙද්දි,
හදිසියේ
ඇයගෙන්
ඊමේල් එකක්.
වචන පේලි දෙකක්..

ප.ලි. :
වළාකුලු මතුවී ගස්වල කොළ හැලී සීතලෙන් වෙලීයන හේමන්තයේ මැද හිටිහැටියේ පාත් වී හිටි හැටියේ නික්මයන ඉර හොඳින් පෑයූ උණුසුම් දවස් Gypsy summer කියන නමින් හඳුන්වනවා.

14 comments:

  1. හිටි ගමන් ඇවිත් ,
    සීතල නුඹෙ සිත
    මොහොතකට උණූසුම් කළ
    ඇයට මගේ ස්තූතිය..........

    ReplyDelete
  2. අනේ මන්දා බං ! පද පේලි කීපයක් වුණාට මේක මගේ සකල සරීරෙටම දැනුනා ..

    නියමයි ..

    ReplyDelete
  3. අකුරක් වැරදිලා තිබිල හැදුවා.

    වත් අක්ක, සඳරු , තැන්ක්යූ මේ පැත්තෙ ආවට...!!! වැඩිය දෙයක් නෑ, බොහොම පොඩි දෙයක් ඒකේ තිබ්බෙ. සමහරවිට එවන්නෙ නැතුව ඉන්ඩ බැරි කමට එව්ව එකක් වෙන්ඩ ඇති. ඒත් ඒ ඊමේල් එක මට සෑහෙන්ඩ දැනුනා. ඒක එව්වට ඈට මාත් ස්තූතියි කරනව මෙන්න මෙහෙම........!!!

    ReplyDelete
  4. ඉඩෝරය වට වරුසාවක් සේ?
    or
    අසුබ දිනෙක ආ සුබපැතුමක් සේ?

    ReplyDelete
  5. අපිට සමහ කෙනෙක් ගේ එක බැල්මක් හිනා කඳුලක් වුණත් ලක්‍ෂ කෝටි ගානක් වටින බව දැනෙන අවස්ථා තියනවා ..

    ඉතින් උඹට ඔය මේල් පයින්ඩේ කොයිතරම් දැනුනද කියලා හිතා ගත්තැකි

    ReplyDelete
  6. මම දැන් කවි නිසදැස් කියවන්න සහ ලියන්න ටිකක් කම්මැලියි
    ඒත් මේ පදපෙළේ අපුරු ගතියක් තියෙනවා
    හුරු පුරුදු ගතියකුත් තියෙනවා
    ඒ නිසා පදෙන් පදේ කියෙව්වා පිළිවෙලින්
    හ්ම්... අතීතය

    අද තමයි මම මුලින්ම මෙහාට ගොඩ වැදුනේ, වවුල් තිප්පොළක් කියන්නේ මටත් හුරු පුරුදු ගතියක් තියෙන තැනක් වගේ නිසා පස්සෙන් පන්නන්නත් පටන් ගත්තා :)

    ReplyDelete
  7. හිස් අහස: ඔව් මචන්, සහතික ඇත්ත.

    ලොකු පුතා: තැන්ක්යූ මේ පැත්තෙ ආවට. මේවා නිසදැස් ද කියල දන්නෙ නෑ බන්. හිතට එන එක ලියනවා.
    ඔයාගෙ බ්ලොග් එක පැත්තෙත් ගිහින් බැලුව. අද තමා ඒක දැක්කෙත්. ඒක මරු..

    ReplyDelete
  8. චාර්මි : ඔය කොහොම කිව්වත් ඕක හරි. මං ගත්තෙ ඒ වෙලාවෙ දැනුන හොඳම උපමාව.

    ReplyDelete
  9. නිකංම දැනනිල වෙන්න බෑ... ඒක ගැන ලියන්න තරම් වැදිල...

    ReplyDelete
  10. හැමදාම පායන ඉරට වඩා කළාතුරකින් පෙනී ඉඳළ යන ඉරට ලොකු වටිනාකමක් තියෙනව.

    ReplyDelete
  11. අද තමයි මුලින්ම මේ පැත්තේ අවේ. හරිම ලස්සන නිර්මාණයක්. තව ලස්සන නිර්මාණ ගොඩක් තියෙනවා වගේ. ඉඩක් ලැබුණු ගමන් ඒ ඔක්කොම කියවන්නම්... :)

    ReplyDelete
  12. අදහස් වලට ස්තූතියි..

    @hare
    ඔව්, නොවැදුන දෙයක් කවදාවත් ලියවෙන්නෙ නෑ...

    @Outsider
    ඔව්, ඉර පායන්නෙ නැති වෙයි කියල බලාපොරොතුව හිඳිල ගියපු වෙලාවක පායන ඉර ඊටත් වැඩියෙන් දැනෙනවා

    @StArry aNgeL
    ස්තූතියි මේ පැත්තෙ ආවට... ඔබේ කියවීම මගේ සතුටයි :)

    ReplyDelete
  13. වචන වල තියන භලය :) මටත් මේවා මෙහමම් දැනී ඇත... සමහර වචන පේනවටත් බය නිසා අල්මාරි වල යතුරු දාලා යතුරත් අල්මාරියෙ නැගල ගන්න වෙන තැනක තියල තියනවා. මොකද ඒවා පෙනුනොත් ආයෙ මාස ගානකට හිස උස්සනවා බොරු.... ඒත් විසික්කගන්න බැහැ :(

    හොඳටම රිදෙන්නෙ 'කාලයක් අපි ආදරෙන් හිටි' කියන සකල අතීතයම වලදාලා වගේ , 'හායි දිලී , ඔයාගෙ මේපාර පෝස්ට් එකනම් නියමයි' කියලා විතරක් තිබ්බා දු‍ටුවාම....
    :)

    ඕන් බලහන් අයියේ.... වෙන වැඩ!!!! :)

    ReplyDelete
  14. ජීවිතේ මල්:
    ඔය කියන්නෙ ඔය කියන්නෙ. මං හිතුවෙ මේක මට විතරක් වෙන දෙයක් කියල... :)

    ReplyDelete