Saturday, January 7, 2012

කවුද ඈ?














ඈ 
තනිමග
නොරැඳෙයි
කසාදෙට පෙර
පඳුරු ගානේ
නොනිදයි
මදුවිතක් දෙසවත්
නොබලයි
මේ පිරිමි ලොව
පිරිමියට තැන දෙයි
පාසැලට සමුදෙයි
ගෙදර දොර
වැඩ 
ඉයුම් පිහුම්
මැහුම් ගෙතුම්
ටිකෙන් ටික 
හුරු වෙයි
කල වයස
පැමිණි කල
හැඩි දැඩි
හද මුදු
පිරිමියෙකු
අත පතයි
කවුද ඈ?
හෙළ බොදු
කුළ කතද?
නෑ..
සංකර
ලංඩන් පුරවර
ජිප්සි කෙල්ලක්...


Big Fat Gypsy Wedding නැමැති වාර්තා වැඩසටහන නැරඹීමෙන් පසුව ලියැවුණි.

10 comments:

  1. අඩෝ මාරයි නේ..මටත් එකක් එක්ස්පෝට් කරල ගෙනත් දීපන්කෝ..මෙහෙ උන් අල්ලන් නෑ බන්...

    ReplyDelete
  2. අපි විතරයි හොඳ...
    අපි විතරයි ලෝකෙම මෙහෙම.
    අපි තරම් වෙන කොහෙ ද?

    නියම උත්තරයක් චමිල....

    ReplyDelete
  3. ඔක්කොම එකයි එතකොට නේ

    ReplyDelete
  4. එහෙත් දැන් ටිකක් හොඳ වේගෙන එනව වගේ :)

    ReplyDelete
  5. හැමෝටම හදපිරි තුති !!!
    මේ විදිහ කෙල්ලො හොඳයි හරි නරකයි හරි කියලවත්, මෙහෙම නොවෙන කෙල්ලො හොඳයි හරි නරකයි හරි කියලවත්, අදහසකින් ලිව්ව සටහනක් හෙම නෙවෙයි ඈ. වීඩියෝව දැක්කහම හිතුන දෙයක් පමණයි. "එය එසේය" කිව්වලු :)

    @සොසි
    ඔය කිව්වට ඇත්තටම මුන් ඔහොම නැතුව ඇති. අපිත් එක්ක බලද්දි මුන් මොක්කුද? අපේ වගේ දෙදහස් පන්සිය බර ගානක 'සංස්කෘතියක්' තියනවද මේ අහිකුන්ඨිකයන්ට ;)

    @amila chathuranga
    ලංඩන් නුවර ඇල්බට් අංකල්ටවත් කියල බලමු බන් එක්කෙනෙක් එවන්ඩ කියල. හැබැයි එයාල රැහෙන් පිට අයව බඳින්නෙ නෑලූ...

    @ඔබ නොදු‍ටු ලොවක්:
    විඩියෝ එකේ එහෙම තමා කියන්නෙ :)


    @අවුටා,පිණිබිඳු...:
    එහෙ ජිප්සීස්ලත් අපේ ජිප්සීස් සින්දුව අහලද කොහෙද
    "සුද්දන්ට එන්ඩ කියමු, අපෙන් ඉගෙනගන්ඩ කියමු...." ;)

    ReplyDelete
  6. පොඩි දෙයක් අමතක උනා. ඔය පින්තූරෙ ඉන්නෙ ඒ ගෑනූ ළමය තමයි. දැක්කද ඒකේ කොනේ පොඩිවට ගහල තියන අකුරු ටික. චැනල් ෆෝ... :D

    ReplyDelete
  7. Big Fat Gypsy Wedding???

    අඩේ ඒ ෆිල්ම් එක බලලා නෑ බන් . .

    ReplyDelete
  8. @දුකා
    ෆිල්ම් එකේ නමට ලින්ක් එකක් දාල තියෙන්නෙ. ඒක උඩ ක්ලික් කරල ගිහින් බලන්ඩ. කොටස් ගනනාවක් තියනවා.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete