Monday, September 1, 2014

හුස්මක්...


ඇස් පියාගෙන
තදින් හුස්මක්
ගනිමි.
අනන්තය
හමු නොවූ
විශ්වයෙන්
පොදක්
සුසුම්නලයට
ඇදගමි.
බිලියන දහතුනක
ඉතිහාසයක්
පෙනහළුවලට
පුරවමි.
ඒ හුස්මට
තවත් සුසුමක්
මුසුකොට,
පා කර හරිමි.

3 comments:

  1. කාලෙකට පස්සේ චමිල ඇවිත්.
    ආයේ කියවන්න බලාගෙන....

    ReplyDelete
  2. බිිලියන දහ තුනක්.. කරකැවිල්ල වගේ..

    ReplyDelete
  3. @Il mondo di una povera pazza ආයේ කියවන්ඩ තව කාලයක් බලන් ඉන්ඩ වෙනවා ;)

    @දේශක යා දැනට ගණන් හදල තියෙනෙ විදිහට 13.798 (±0.037) කරකැවිල්ල වගේනේ :)

    ReplyDelete