සොඳුරු ඇගේ වත
කාලෙකට පස්සේ
දැක්කා
හීනයක....
අත් අල්ලන්
අප ඇවිද ගියා
නොදන්න නුපුරුදු
පාරවල් දිහා...
මුදු ලැම
පහස..
මගේ අත් දඬුවලට
දැනුනා...
හරිම මිහිරිව...
සඳ වතුර ගලලා
දිව්‍යාලෝකයක් වාගෙයි
පෙනුනේ
ඒ මැද
මගේ අතගෙන
ඇය...
සුරඟනක් වාගෙයි
සිටියේ..
අප ඇවිද ගියා
නොදන්න නුපුරුදු
ඉමක් සොයා
හීනයෙන් එහා.....
හ්ම්ම්.. මරුනෙ..
ReplyDeleteස්තුතියි....... :)
ReplyDeleteපොළවෙ කකුල් වදින්න හිටහන් දරුවො...හීන ගේන්නෙ දුක විතරයි෴
ReplyDeleteනිසදැස අගෙයි ෴
නිදාගත්තට පස්සෙ ඇඳ උඩනෙ කකුල් තියෙන්නෙ අක්කේ ;)
ReplyDeleteකතාව නන් සම්පූර්ණ ඇත්ත. හීන ගේන්නේ දුක තමයි. මොනව කොරන්ඩද? හීන පේනවනෙ....මේක දැක්කට පස්සෙ නැගිටල කියන්ඩවත් කවුරුහරි හෙව්වා. කෝ කවුරුවත්ම හිටියෙ නැහැ. ඉතින් ලියල දැම්මා... ස්තුතියි අක්කේ....!!!!