Wednesday, May 26, 2010

ලෝකේ තියන උසම ගොඩනැගිල්ලේ ඉඳලා මං බිමට පනිනවා... .














ලෝකේ තියන
උසම ගොඩනැගිල්ලේ ඉඳලා
මං බිමට පනිනවා...
ඇයි කියල අහන්නෙ?
නිකං...
නිකම්ම නිකං...
හිතන්න දෙයක් නෑ
මොකුත් නොහිතා
ඔන්න පැන්නා!!!
හුලං පාර මැද්දෙන්
බුසු බුසු ගාලා
පහලට වැටෙනවා
ගුරුත්වයට අහුවෙලා
ඒත් බර සැහැල්ලු වෙලා..
පපුවත් හිරවෙලා
සතුට හින්දද මන්දා...
මං ගලාගෙන යනවා
හුලඟ මැද්දෙන්
ගඟක් වගේ..
දෑත් දෙපා දික්කරගෙන
විඳින්න ඕනෙ මේ නිමේෂය
පොලවට වැටෙන්නට ඉස්සර
උපරිමේටම.....
ඒත්
මෙන්න පොළොව !!!!!!
දඩස් !!!!
..........................
ඇහුනද ඒ සද්දෙ?
බොල් සද්දෙ


14 comments:

  1. හීනෙන්ද........:D

    වෙනස්ම අදහසක් අපූරුයි

    ReplyDelete
  2. හෙහ් හෙහ් නෑ අහුනෙ නෑ නේ...... අදහසනම් මරු ආ......

    ReplyDelete
  3. හරියටම ඇහුනේ නැහැ..
    තව පාරක් පැනපං බලන්න..

    ReplyDelete
  4. අවවාදයයි:පනින විට හොඳ සස්පෙන්ඩරයක් භාවිත කිරීම ඔබගේ අනාගතය රැක ගැනීමට මහෝපකාරී වනු ඇත...

    ReplyDelete
  5. එළ මචං.
    (නොහදු‍නන මචං ‍විසින්.)

    ReplyDelete
  6. ඇහුනෙ නෑනෙ. මාරයා ගිල්ල මං හිතන්නෙ
    /කුම්භකර්ණයා

    ReplyDelete
  7. සියලු අදහස් වලට හද පිරි තුති....!!!

    දිල් ට: ඇත්තටම හීනෙන් තමයි. ඒක ගැන වැඩි විස්තරයක් අනිත් අයත් අදහස් දැම්මට පස්සෙ දාන්නන්.

    ජේ.ඩී ට : හිහ් හිහ්.... මොනව කරන්ඩද මචන්. අයෙත් පාරක් පැනල බලන්නන් ;)

    Kandulu Binduwa ට: මුලු ඇඟේම තමයි..ඒත් වැඩිපුරම ඔලුවෙ ;)

    මාරයාගේ හෝරාව ට : ඔන්න පැන්නා.හැබැයි දැන්නන් සද්දයක් එන එකක් නෑ.එක පාරක් මැරිලනෙ ;)

    indi ට : ඔය විදිහට පැන්නට පස්සෙ මොන අනාගතයක්ද මචන් ;)

    එරංග ට: දැන් නොදන්න මචං නෙවේ. දන්න මචං කියල කියමු :)

    කුම්භකර්ණයා ට : මේ මාරයා මාර පොරක්නෙ.සද්දත් ගිලිනවනෙ. හික් හික්...

    ReplyDelete
  8. මට නම් කියන්න තියෙන්නේ පනින්න පෙර දෙවරක් සිතා බලනු කියලා තමා ඒත් වැඩක් නැහැ. දැන් පැනලා ඉවරනේ

    ReplyDelete
  9. පොළොව නොතිබ්බනම් මරේ මරු..

    ReplyDelete
  10. අයියෝ පරක්කු වෙලා හොදටම..... මගේ අදහස දිල් කියල... මමත් ඔහොම වැටී ගෙන යනව... එක පාරටම "ඩග්" ගාලා ඇහැරෙනව .."හීනෙන්"

    ReplyDelete
  11. Hasitha ට : මොකුත්ම නොහිතා පැන්නා. දැන් පරක්කු වැඩී තමයි :)
    ස්තුතියි සහෝදරයා..... !!!

    Outsider ට : පොලව නොතිබ්බ නන් කියල වැඩක් නෑ. එහෙනන් තවම වැටෙනවා ;)
    ස්තුතියි අදහස් බෙදාහදා ගන්න එකතු උනාට...!!!

    wath ට: ඇත්තටම මේක මම දැක්ක හීනයක්. එහෙම පනින්ඩ හේතුවක් නම් මතක නැහැ. කොහොම හරි පැන්නා කියමුකො. ඒ හැඟීම නියමෙටම දැනුනා. හුස්මගන්ඩ බැරි තරමට පපුව හිරවුනාට පස්සේ ඇහැරුනා. පොලවට වැටෙන අවස්තාව හීනෙදි දැක්කෙ නැහැ. මේ වචන ටික ලියද්දි පොලවට වැටෙන ටික අතින් දැම්ම. ලෝකේ උසම ගොඩනැගිල්ලේ ඉඳලා කියන එකත් මේක ලියද්දි ආපු අදහසක්... :)
    ස්තුතියි අක්කේ අදහස් වලට..!!!

    ReplyDelete
  12. මේක මරු මචන්...!

    ReplyDelete
  13. ස්තුතියි මාලන්...!!!

    ReplyDelete