වැතිරෙන්න මා ලඟින්
ගල් බොරලු ඇතිරූ
රළු පොළව මත,
සුමුදු විල්ලුද
යහන් නැත.
බලා ඉමු අපි
සඳ නැති තරු නැති
රළු අහස දෙස.
හිත හදන වදන් නැත
මා මුවඟ,
ගොලුව ඇත
මුව වැසුම් දැමු විලස.
අසා ඉමු අපි
රැහැයි ගීතය
අඳුරු වනපෙත
මතින් හැඬවෙන.
කඳුලු පිසලන්න
සුමුදු පට ලෙන්සු නැත
කඳුලු සඟවා
සිනාසෙමු අපි.
විවරවූ හදවත් දරා
බලා ඉමු අපි
එකිනෙකා දිහා
අඳුරටත් දිලිසෙන
තරුනෙත් අයා.....
හරිම ලස්සනයි.
ReplyDeleteඋපරිමයි මිත්රයා :)
ReplyDeleteනැති උවට කම් නැත කිසිවක්ම..
ReplyDeleteඅපට අපි ඇත අප ලගම.....
ලස්සනයි පද ටික චමිල
Ansh Lucky Sri Jay, Hasitha, දිල්,
ReplyDeleteඅදහස් වෙනුවෙන් හද පිරි තුති...!!!
පැසුන බුද්ධිමත් කෙනෙක් ලීව වගෙයි දැනෙන්නේ....
ReplyDeleteනෑ නෑ...... මමමයි ලිව්වෙ ;) ස්තුතියි අක්කේ !!!
ReplyDelete