Saturday, June 5, 2010

වැතිරෙන්න මා ලඟින්.....



















වැතිරෙන්න මා ලඟින්
ගල් බොරලු ඇතිරූ
රළු පොළව මත,
සුමුදු විල්ලුද
යහන් නැත.
බලා ඉමු අපි
සඳ නැති තරු නැති
රළු අහස දෙස.
හිත හදන වදන් නැත
මා මුවඟ,
ගොලුව ඇත
මුව වැසුම් දැමු විලස.
අසා ඉමු අපි
රැහැයි ගීතය
අඳුරු වනපෙත
මතින් හැඬවෙන.
කඳුලු පිසලන්න
සුමුදු පට ලෙන්සු නැත
කඳුලු සඟවා
සිනාසෙමු අපි.
විවරවූ හදවත් දරා
බලා ඉමු අපි
එකිනෙකා දිහා
අඳුරටත් දිලිසෙන
තරුනෙත් අයා.....


6 comments:

  1. හරිම ලස්සනයි.

    ReplyDelete
  2. උපරිමයි මිත්‍රයා :)

    ReplyDelete
  3. නැති උවට කම් නැත කිසිවක්ම..
    අපට අපි ඇත අප ලගම.....

    ලස්සනයි පද ටික චමිල

    ReplyDelete
  4. Ansh Lucky Sri Jay, Hasitha, දිල්,
    අදහස් වෙනුවෙන් හද පිරි තුති...!!!

    ReplyDelete
  5. පැසුන බුද්ධිමත් කෙනෙක් ලීව වගෙයි දැනෙන්නේ....

    ReplyDelete
  6. නෑ නෑ...... මමමයි ලිව්වෙ ;) ස්තුතියි අක්කේ !!!

    ReplyDelete