Tuesday, August 10, 2010

මැස්සෝ.....














පුංචි මැස්සෝ
පුංචිම පුංචි මැස්සෝ
උඹ කොහෙන්ද
මගේ ඇහැට රිංගුවේ..
මං එන මග
බලන් හිටියද උඹ..
මගේ මුලු ඇහැම රිදෙනවා...
කඳුළු ගලාගෙන එනවා...
පොඩි වෙලා
ඇහැ ඇතුලෙම
මැරිල ගිහින්ද?
පණ තියනවනං
උත්තර දීපන්...
ඇත්ත කියපන්...
එයා නේද උඹව එවුවේ?
මං එන මග බලන් ඉඳලා
මගේ ඇහැට රිංගන්ඩ කියලා
මැස්සෝ...
මම ඉන්නෙ දුකින්
උඹ ඒක දන්නවද?
එයා උඹට කිව්වද ඒක?
මම ඉන්නෙ හරිම දුකෙන්...
දුක ඝනීභවනය වෙලා
කැටිවෙලා...
මට අඬන්ඩ ඕනේ...
කඳුළු හලලා
ඉකි ගහලා
ඒත්
මට අඬන්ඩ බෑ
ඇඬෙන්නෙ නෑ
කඳුළු හිරවෙලා
ඇස්කුහර ඇතුලේ...
එයා ඒක දන්නවා
එයා උඹව එවන්ඩ ඇති
මගේ ඇහැට රිංගලා
හිරවුනු කඳුළු
අයින් කරන්ඩ කියලා
එහෙම නේද මැස්සෝ....
දැන් මේ ගලන් යන්නේ
ඒ හිර වෙච්ච කඳුළු....
උඹ ජීවිතේ දුන්නද
මං වෙනුවෙන්......
උඹ හරිම හොඳයි
උඹව එව්ව
එයා වගේම....
ඒත් උඹ හිතනවද
මගේ දුක අඩු උනා කියලා..
කඳුළු ගලලා
දෙගොඩ තලලා
යටවෙලා ගියත්
ඒක එහෙමමයි...
ගණ වෙලා
කැටි වෙලා
හදවතේ...
ගැඹුරේ...
එතැනට ලංවෙන්න උඹට පුලුවන්ද?
මැස්සෝ...
එතැනට ලංවුනත්,
පුලුවන්ද උඹට
ඒ දුක නැති කරන්න.
ලේ කැටි වලින්
පයින්ට් ගනනින්
එලියට දාන්න වෙයි.
පුංචිම පුංචි
උඹට පුලුවන්ද
එහෙම කරන්න
මට උඹ ගැන දුකයි
මැස්සෝ......


7 comments:

  1. හරිම අගෙයි යාඵ..

    ReplyDelete
  2. උපරිමයි... හරිම ලස්සනයි සහෝ....+1

    ReplyDelete
  3. කියලා තියන්දේ හදවත පතුලටම දැනෙනවා.....
    ඉවසගන්න අමාරු තරමට..

    ReplyDelete
  4. ලස්සනයි .ඒ වගේම දුකයි...

    ReplyDelete
  5. දුකයි වගේම ලස්සනයි තමයි.

    ReplyDelete
  6. අදහස් වෙනුවෙන් සියලුදෙනාටම ස්තූතියි...!!!

    ReplyDelete