Wednesday, August 18, 2010

තව එක පාරක් එනවද...














සඳපානේ ගං ඉවුරේ
නුඹ සිටිනා තැන කියන්න
බයිසිකලේ බ්‍රේක් නැතිව
මම එනවා එක හැල්මෙම
රන් පාටට දිදුලන දිය
මතුපිට පුන් සඳ දකින්න
තව එක පාරක් එනවද
යන්නට පෙර, මට කියන්න

ගං ඉවුරේ පඩි ගැට්ටේ
වතුරට සේදෙන ඉසව්වෙ
දෙපා දොවන පෙන කැටිවල
මුදු කිතියක සුව විඳින්න
සිසිල් සුලං රැලි විඳ විඳ
වයින් විතක රස බලන්න
තව එක පාරක් එනවද
යන්නට පෙර, මට කියන්න


7 comments:

  1. ලස්සන කවි පෙළක්0 අප්ප....ඔකෝමත් හරි වයින් කතාව කීවොත් මගෙ එක්කෙනා නම් නාගයෙක් වගෙ කිපෙනවා....වැඩේ කියන්නේ මම අමුම අමු බේබද්දෙක්....හික්...:)

    ReplyDelete
  2. මේක ගති.... ඔක්කොමත් හරි අර බ්ලොග් එකේ උඩ තියෙන පින්තූරෙ පට්ට ආ....

    ReplyDelete
  3. බයිසිකලේටත් තිරිංග නැති වෙලාවේ
    හිමින් පදින්නයි මම නම් මනාපේ
    ආදර රෝග හැදුනොත් නම් විනාසේ
    පැදහන් මලේ සිහියෙන් කල්පනාවේ

    ReplyDelete
  4. එයා වයින් බොන්න ආවෙ නැත්තන් මටවත් කතා කරන්න.. මමවත් බීල දාන්නම්...

    හරිම ලස්සනයි යාඵ..

    ReplyDelete
  5. හේමලයා ට: එයා ලංකාවේ එක්කෙනෙක් උනා නම් මමත් ඔහොම කියන එකක් නෑ මචන්. කොහොමත් එයා හරිම ආසයි වයින් බොන්න. ඉතින් ඒක තමයි මෙතනදි බොන්න පුලුවන් perfectම බීම. ස්තුතියි බේබදු අදහස් බෙදාගත්තට.... ;)

    පිස්සා ට: ස්තුතියි සහෝ... ඒක නියමෙට මේ theme එකත් එක්ක යනව කියල හිතුනා.

    wath ට: ස්තුතියි අක්කේ උපදෙස් මාලාවට... හිතන තරං ලේසි නන් නෑ ඕක පිලිපදින එක..... :)

    ``` Outsider```ට: එයා යන්ඩ කලින් එන එකක් නැහැ. බොන්න වෙනව. වයින් බීලා මදි වගේ.... ස්තුතියි සහෝ දුක බෙදාගන්න එකතු උනාට.....

    ReplyDelete
  6. සඳපානේ ගං ඉවුරේ එක්ක වයින් පටලවල තියෙද්දි මටත් හිතුනා මොකක් හරි එකක් තමා කියලා.
    මේ කවියේ අමුතු රහක් තියෙනවා.

    ReplyDelete
  7. ස්තුතියි චාමි... අවාසනාවට වැඩේ සිද්දවුනේ නැහැ.. අන්තිමටම මේක කවියක්...., හීනයක්...., විතරක් බවට පත්වුනා....

    ReplyDelete