Friday, September 24, 2010




















නෙක් දනන් නෙත් අබියස
අපරාධකරුවෙක්ව
මා සිටින සඳ,
පෝරකය මත
අලුගෝසුවාගේ
ලේ නහරයක් නොම වන්න;
ඔහු අත රැඳි
තොණ්ඩුවේ
වරපටය නුඹ වන්න...

පින්වතුන් අබියස
පවුකාරයකු වී
මා සිටින සඳ,
ගල් පහර මුදාලන
පින්වතුන්ගේ
හෘද සාක්ෂිය
නොමවන්න;
උන් අත රැඳි
හිත් පිත් නැති
ගල්කැටය නුඹවන්න...



6 comments:

  1. දුක හිතෙන කවියක්........

    වරකදරු නුඹයි මේ ලොව සැම දකින
    පවුකාරයා මමයි නුඹ හට ගල් ගසන
    මේ සැමට වඩා රහසක් නිති රකින
    සත්‍ය නුඹයි මම නුඹහට පෙම් කරන

    දුක හිතෙන කවි ලියන කොට මටත් දුකයි...

    නිර්මාණයක් විදිහට ගත්තම ලස්සනයි...

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම් ! අමුතුම නිර්මාණයක් චමිල.....
    ලස්සනයි

    ReplyDelete
  3. නියමයි මචං විතරක් නොකියා දවස් දෙකක් මේකට යමක් ලියන්න හෙව්වා. හම්බ උනේ මේක.
    එල මචං.

    ReplyDelete
  4. කෙළින්ම යථාර්තයට සිදුවෙන්න කියා අඞ ගැසීමක්.

    නියමයි මචං විශිෂ්ඨයි.....

    ReplyDelete
  5. සියලු දෙනාගේ අදහස් වෙනුවෙන් හදපිරි තුති..!!!

    ReplyDelete