
දුවපන් ලෝලා දුවපන්...
ඔරලෝසුවේ කටු කැරකෙයි
බෝලය ගෝලාකාරයි
තරඟය විනාඩි අනූවයි
ඒක එහෙමයි
ඒක එහෙමද ලෝලා???
බලපන් මිනිස්සුන්ගෙ වැඩ
ශිෂ්ටාචාරයේ විස්කම්
අහස උඩින් යන කෝච්චි
හැටට හැටේ වාහන
හතරවටේ බිල්ඩින්
ඒ උනත් උඹ දැක්කද
අහස පොළව ඉරි තළලා
ගොඩනැගිලිවල පාසි බැඳිලා...
ඒව බලන්න මොකට නතරවෙනවද
බලා බලා මොකට ලතැවෙනවද
උඹ දුවපන් ලෝලා...
කාලය දියවෙලා යනව
උඹේ මූනේ දාඩිය බින්දු වගේ
මතුවෙලා හුළගට වියැකිලා යනව
එතැනින්ම ආයෙත්
තව බින්දු මතුවෙනව
"වෙන්ඩ තියන දේ වෙනවමයි"
කවුදෝ හෙමීට මුමුණනවා
ඒ වචන අස්සෙන්
ඉරණම දැලක් එලාගෙන
බලන් ඉන්නවා
කඩාගෙන දුවපන් ලෝලා...
දෙවියන්ගේ කැමැත්ත
කර්ම පල විපාක
මොකට හිතනවද ඔව්වා
රතු කෙස්ස සොලවා
උඹ දුවපන් ලෝලා...
Tom Tykwer නම් ජර්මන් සිනමාකරුවාගේ Run Lola Run සිනමාපටය 1998 දී නිර්මාණය වුනා. මේකේ කතානායිකාව තමයි ලෝලා. එය රඟපාන්නේ Frank potente කියන නිළිය. ලෝලාගේ පෙම්වතා කුඩාපරිමාණයේ අපරාධකරුවෙක්. එයා ගාව තිබ්බ ඩොයිෂ් මාර්ක් 100000 මුදලක් අමතක වෙලා කෝච්චියේ දාලා එනවා. ඒක අයිති එයාගේ බොස්ට. ඉතින් තව විනාඩි විස්සකින් බොස් එද්දි ඒ සල්ලි ටික හොයගත්තෙ නැත්තම් ඉතින් බඩුම තමයි.
චිත්රපටිය පටන්ගන්නෙ පෙම්වතාගෙන් ලෝලාට හම්බවෙන ටෙලිෆෝන් කෝල් එකකින්. මෙයා ලෝලාට ප්රශ්නෙ කියනවා. ලෝලා විනාඩි 20න් ඒ සල්ලි හොයන්ඩ දුවන දිවිල්ල තමයි මේකේ තියෙන්නෙ. ඒ වගේ විනාඩි 20 කෑලි 3ක් තියනවා. ඒ හැම අවස්තාවකම ලෝලාගේ එකම දිවිල්ල තමයි තියෙන්නෙ. ඒත් පොඩි පොඩි වෙනස්කම් තියනවා.
පුටුවෙ ගැට්ටට වෙලා බලන්න පුලුවන්, ලෝලා දුවන එක ඇතුලෙන් ගොඩක් දේවල් කියන, මම ජීවිතේට බලලා නැති විදිහේ මාරම චිත්රපටියක් තමයි මේක. දැනට අවුරුදු 4කට විතර කලින් මුලින්ම බලලා වටේ යවන වෙලාවේ අයෝමි තමයි මේ නම යෝජනා කලේ "දුවන්න ලෝලා දුවන්න..." කියලා. සටහන ලියද්දි පොඩ්ඩක් වෙනස්වෙලා ඔලුවට ආවේ එයා කිව්ව නමම තමයි....
හැමදාම කියවනවා..නිර්මාණ උපරිමයි...
ReplyDeleteජය..
රතු කෙස්ස සොලවා
ReplyDeleteඋඹ දුවපන් ලෝලා...
ලෝකය කොච්චර වෙනස් උනත්
අර පුරුදු කාර් එක හමුවෙනවමයි.
මොකට හිතනවද ඔව්වා
චමිල නං කියයි.
ඉතින් සල්ලි හම්බවෙනවද? ලෝල කොච්චර වුනත් හොද කෙල්ල...
ReplyDelete@Pasan , charmi, wath
ReplyDeleteඅදහස් වෙනුවෙන් හදපිරි තුති..!!!
@wath : හම්බවෙච්ච වෙලාවක බලන්නකො අක්කේ... කිව්වොත් රසය නැති වෙයි නේද?
perfect.....
ReplyDeleteඅපි කවුරුත් ලෝලල තමයි. මොකක් හරි හොයාගෙන දුවනව දුවනව ජීවිත කාලයම.
ReplyDeleteලස්සනයි පද පෙල...
නුඹ වචන වලට මේ යස අපූරුවට හිටපු හිත හොලවන්න පුලුවන් වෙච්ච හැටි මිතුර.
ReplyDelete``` Outsider```,Shadow/හේමලයා,පිණිබිඳු...
ReplyDeleteඅදහස් වලට තුති....!!!
``` Outsider```: ඔව්, දුවලා දුවලා කොහෙන් නතරවෙයිද කවුද දන්නෙ... :)
සිරාම ෆිල්ම් එකක්.
ReplyDeleteඅහම්බයන් එක්ක කරන දිවීමක්.
එල සටහන මචන්.
සිරාම චිත්රපටිය... දෙතුන් වතාවක් බැලුවෙමි... තැන්කූ හෝඩුවාවට....
ReplyDeleteමරු..........!!
ReplyDeleteRaven,පුතා,සෝරෝ
ReplyDeleteබොහොම ස්තූතියි සියලුම අදහස්වලට...
කව්ද මේ කියලා බලන්න අවේ... හරි අපූරුයි යාළු ඔයාගේ නිර්මාණනම්. සුභපැතුම් දිගටම ලියන්න
ReplyDeleteayesha: ස්තුතියි මේ පැත්තෙ ආවට...
ReplyDelete