
එයා හරි ලස්සනයි
එයාගෙ බැල්මටත්
මගේ හිත ඇදෙනවා
එය නවත්වන්නට මට බෑ...
ඒ මුදු ලැමද සිහිනිඟද
මගේ නෙත දකිනවා
සිහිනයක ඇඳි කැටයමක් වගේ..
මගේ සිත ඇගේ ගත සොයනවා
මගේ නෙත ඒ පුරා ඇදෙනවා
යළි යළිත් මා ඈ දෙසම බලනවා...
බලනවා විතරයි
වෙන දෙයක් කරන්නට මට බෑ...
ඒත් එයා
මා දිහා බලාගෙන රවනවා
මගේ හිත හැමදාම තැවෙනවා
එයාට මං ආදරේ නෑ...
මට ඕනේ බලන්නට විතරයි
ඒක නම් මරුම හැඟීමක්. හිත ආශා කරන දැකීම ආදරය කියල අපි හිතන දෙයින් වියුක්තව හඳුනාගන්න පුඵවන්කමක් අපට තියෙයිද ඒ විදියට.
ReplyDeleteආදරයයි ..ආසාවයි වෙන් වෙන්ව අදුර ගන්න පුලුවන් වීම භාග්‍යයක්..
ReplyDelete``` Outsider```,සොඳුරු සිත :
ReplyDeleteඒක සංකීර්ණයි...සීමාව පැහැදිලි නෑ... අනික එහෙම රවද්දි නරියත් "මිදි තිත්තයි" කිව්වලුනෙ ;)
සික් කැත හිත.......:D
ReplyDeleteසිරාවට ලියලා තියේ.... මරු....
ජය වේවා...!!
ස්තූතියි සෝරෝ...!!! ;)
ReplyDeleteආදරෙයි ආසාවයි පටලවා නොගන්න එක නම් හොඳයි.
ReplyDeleteකලින් දුන්න උත්තරේම තමයි දෙන්න තියෙන්නෙ :) ස්තූතියි පිණිබිඳු...
ReplyDelete