බුබුලු නගින මී බඳුනේ
රස වෑහෙන මද පවනේ
සුදු රැස් දෙන සඳ පහනේ
හිම කැට සීතල නොදැනේ
නිල් තරු කැට දෙකක් වසා
වලා රොදක් පාව ගියා
රන් තැටියෙන් කැලුම් උරා
චෙරි මල් පෙති මෝදු වෙලා
සවන පිසින සුසුම් හඬින්
කෝල කරන හසුන් තුඩින්
නීල වනය සලා සෙමින්
කුලක් නැගුනි මලක් මතින්
සමන්පිච්ච මල් මී පැණි
වාතලයම සුවඳ දැනුනි
රන් දේදුනු සතක් නැගුනි
සඳවත ඒ මත පාවුනි
රසවැල් වල මූල් සොයලා
මිහිතල් විල කළඹවලා
කෙඳිරිල්ලට කන් තියලා
සමනැල්ලෙක් ඉගිල ගියා
පිණි පොකුරකි නලරැල්ලේ
හසුන් නිදති සැනසිල්ලේ
සුදු විල්ලුද තණනිල්ලේ
පවලම් අහුරක් දැල්ලේ
කාලෙකින් ලස්සන කවි ටිකක් රස වින්දා....
ReplyDeleteතැන්කූ මේ පැත්තෙ ආවට... ඒ පැත්තෙත් ගිහින් බැලුවා...
Deleteලස්සන කවියක්. සමන් ජයනාත් ගායනා කරන 'බිසරුලියන්' කියන ගීතය මතක් උනා... බොහොම ලස්සන උපමා පාවිච්චි කරලා කෙලින් කියාගන්න අපහසු කතාවක් කියනවා.
ReplyDeleteපවලම් කියන වචනයේ තේරුම නම් දන්නෙ නෑ... කපුගේ ගේ ප්රභාවතී ගීතයෙත් කියවෙනවා....
තිසර, පවලම් කියන්නෙ පබලු වලට. මුලින්ම මේක ලියල තිබ්බෙ "මුතු කැට අහුරක් දැල්ලේ" කියල. ඒත් ඊට වඩා පබලු කියන එක තමයි හරි යන්නෙ. පබලු කියල දැම්මහම පොඩ්ඩක් රිදම් එක එහෙ මෙහෙ වෙන හින්දා පවලම් කියල දැම්මෙ.
Deleteස්තූතියි අදහස් වලට!