Sunday, February 10, 2013

බුබුලු නගින මී බඳුනේ




















බුබුලු නගින මී බඳුනේ
රස වෑහෙන මද පවනේ
සුදු රැස් දෙන සඳ පහනේ
හිම කැට සීතල නොදැනේ

නිල් තරු කැට දෙකක් වසා
වලා රොදක් පාව ගියා
රන් තැටියෙන් කැලුම් උරා
චෙරි මල් පෙති මෝදු වෙලා

සවන පිසින සුසුම් හඬින්
කෝල කරන හසුන් තුඩින්
නීල වනය සලා සෙමින්
කුලක් නැගුනි මලක් මතින්

සමන්පිච්ච මල් මී පැණි
වාතලයම සුවඳ දැනුනි
රන් දේදුනු සතක් නැගුනි
සඳවත ඒ මත පාවුනි

රසවැල් වල මූල් සොයලා
මිහිතල් විල කළඹවලා
කෙඳිරිල්ලට කන් තියලා
සමනැල්ලෙක් ඉගිල ගියා

පිණි පොකුරකි නලරැල්ලේ
හසුන් නිදති සැනසිල්ලේ
සුදු විල්ලුද තණනිල්ලේ
පවලම් අහුරක් දැල්ලේ

4 comments:

  1. කාලෙකින් ලස්සන කවි ටිකක් රස වින්දා....

    ReplyDelete
    Replies
    1. තැන්කූ මේ පැත්තෙ ආවට... ඒ පැත්තෙත් ගිහින් බැලුවා...

      Delete
  2. ලස්සන කවියක්. සමන් ජයනාත් ගායනා කරන 'බිසරුලියන්' කියන ගීතය මතක් උනා... බොහොම ලස්සන උපමා පාවිච්චි කරලා කෙලින් කියාගන්න අපහසු කතාවක් කියනවා.

    පවලම් කියන වචනයේ තේරුම නම් දන්නෙ නෑ... කපුගේ ගේ ප්‍රභාවතී ගීතයෙත් කියවෙනවා....

    ReplyDelete
    Replies
    1. තිසර, පවලම් කියන්නෙ පබලු වලට. මුලින්ම මේක ලියල තිබ්බෙ "මුතු කැට අහුරක් දැල්ලේ" කියල. ඒත් ඊට වඩා පබලු කියන එක තමයි හරි යන්නෙ. පබලු කියල දැම්මහම පොඩ්ඩක් රිදම් එක එහෙ මෙහෙ වෙන හින්දා පවලම් කියල දැම්මෙ.
      ස්තූතියි අදහස් වලට!

      Delete