Friday, October 9, 2015

ඔය මල් හිනාව



දෙන්න බැරිද 
ඔය මල් හිනාව
සාක්කුවේ දාගෙන
ගෙදර අරන් යන්න

උණුවතුර නාලා

තේ එකක් හෙම බීලා
හෙමීට සාක්කුවෙන් අරන්
අත උඩ තියාගෙන
හුරතල් කරන්න

ජනෙල් පියන් අතරින්

හඳ එළිය වැටෙද්දි
උම්මා එකක් දීලා
කොට්ටෙ පැත්තකින් තියාගෙන
නිදාගන්න

2 comments:

  1. එල​.
    අලුත් හිනාවක් මුණ ගැහිලා වගේ...

    ReplyDelete
  2. ලව් ඉස්මොල්ලේ ගිහින් වගේ කොල්ලට

    ReplyDelete