Tuesday, June 29, 2010

අරුමය...















උදේ පාන්දර
එක යායට
රේල් පාර අයිනේ
පිපුනු
වතුසුද්ද මල්
මූනු හරවගෙන
බලා ඉන්නවා...
මුනු මුනු ගා
එකිනෙකාගෙන්
උන් අහනව
"මොන අරුමයක්ද මේ?
හූ තියාගෙන එන
කෝච්චිවල එල්ලිලා
කොහේ ඉඳන්
කොහේ යනවද
මේ මිනිස්සු?"



7 comments:

  1. අනාගෙතේ ගැන
    හීන මවන්....
    වර්තමානය
    උන්ඩි කරන්.....

    ගතේ පීඩා
    හිතින් වසා......
    අවට නොබලා
    දෙනෙත් පියා....

    ඈත කෙම්බිම්
    හිතින් මවා.....
    ඇදෙයි උන්
    දවස් පතා....

    ReplyDelete
  2. මල් වලට විතරක් නෙවෙයි මටත් හිතෙනව වෙලාවකට. මේ කරන්නෙ මොකක්ද කියල.

    ReplyDelete
  3. ඒක නම් ඇත්ත..... රස්සාවට යන්න වෙලා තියෙන්නෙත් වවුලෝ වගේ එල්ලීලානෙ........මම හිතන්නෙ වතු සුදු මල් තාම දැන්නෙ නෑ ලංකාවේ ගමනා ගමන පහසුකම් ගැන....නේද චමිල

    ReplyDelete
  4. අපූරු අදහසක්..

    ReplyDelete
  5. හේමලයා ට : ස්තුතියි සහෝ ලස්සන පිලිතුරට. ඔයාගෙ බ්ලොග් එක බැලුවෙ මේක දැක්කට පස්සෙ. නියමයි...

    ``` Outsider``` ට: ගොඩක් අයට එහෙම හිතෙන්නෙ නැහැ මිත්‍රයා.ඒ හින්ද ඔයාගෙ අදහස හරිම වටිනව.... ස්තුතියි...!!!

    දිල් ට: ලංකාවෙ ප්‍රවාහන පහසුකම් ගැනනන් ඉතින් කතාකරල වැඩක් නැහැ දිල්. ඔය අදහස ආවේ කොට්ටාව හරි මහරගම හරි (හරියටම මතක නැහැ ඔය දෙකෙන් මොකේදිද කියල ) station එකේදි. මම හිටියෙ කෝච්චිය ඇතුලේ. ඒ පැත්තෙ ගියොත් පොඩ්ඩක් බලන්න මල් තවම ඔය ප්‍රශ්නෙ අහනවද කියල... :)

    Ansh Lucky Sri Jay ට : ස්තුතියි අදහස් වලට... !!!

    ReplyDelete
  6. එල මචං එල. මට මතක් උනේ Baraka ඩොකියුමන්ට්‍රි ෆිල්ම් එක.

    ReplyDelete
  7. මම ඒක බලල නන් නෑ. ඒත් trailer එක බැලුවා මේක දැක්කට පස්සේ. වෙලාවක් හම්බ උනහම බලන්න ඕනේ.
    ස්තුතියි මචන් අදහසටයි, film එක ගැන හෝඩුවාවටයි...

    ReplyDelete