Tuesday, August 31, 2010

සමුගැනීමට මොහොතකට පෙර....















පුරහඳ
දුර ඈත තරුවක් සමඟ
මොනවාද කොඳුරයි...
දිගු රතැඟිලි
ගිතාරුවෙ තත් පුරා
හෙමි හෙමින් වැතිරෙයි...
හදවතින් මිදුනු ගී හඬ
සීත සුළඟට මුසුවෙලා
මල් පඳුරු කළඹයි.....
තණ බිස්ස මත
පිණි කැටවල සීතලට
දෙපතුලද,
හදවතද,
එක ලෙසින් සසැලෙයි.....


9 comments:

  1. අවස්ථාවේ සංවේදීතාවය දැනෙන ලෙස කියවෙනව.

    නියම සිත්තමක් හොයාගෙන තියෙන්නෙ..

    ReplyDelete
  2. නියමයි මිත්‍රයා...

    ReplyDelete
  3. රජ දහන ගිනි ගත්ත
    රජකු වෙලා ඔබ
    කඳුළක් හෙලනු බැරි
    නොහඬන් සබඳේ
    සාදමු යළි රජදහනක් එකතු වෙලා

    ReplyDelete
  4. Outsider ට : ස්තුතියි යාලුවා... මේකෙන් කියවෙන අවස්තාවේ ඇත්තටම ගත්ත පින්තුරයක් තියනවා. ඒක මේ වචන ටිකත් එක්ක නියමෙටම ගැලපෙනවා.ඒත් ඒක මෙතන දාන්න අවසරයක් ගන්න බැරි උනා තවම. ඉතින් මේක අමාරුවෙන් හොයගත්තා වෙබ් අවකාශය පීරලා...

    කරුමක්කාරයා ට: ස්තුතියි මිත්‍රයා....

    wath ට :ඔන්න ඔයා කිව්වනේ ලියන්න කියලා. එකක් ලිව්වා...රජදහන් ඕනේ නෑ අක්කේ. හැමදාම පැතුවෙ පොඩි පැල් කොටයක් විතරයි.... ස්තුතියි දුක බෙදාගන්න එකතු උනාට.. ඉතිරි ඒවත් ලියවුනොත් දාන්නන්කො...

    ReplyDelete
  5. තත වැයෙන නද අසා සැනහෙන ස`ද
    කො`ද කැකුලු වැලපෙන වග නොපෙනේද
    තුසර බිදු නොව ඒ ක`දුලයි
    සැලෙන හදවත වසා පැතිරෙන සීතල නම් සෙනෙහසයි


    - හිතුවක්කාරයා

    ReplyDelete
  6. නියම පද ටිකක්....කෙටි වුනාට හරියටම විස්තර කරලා තියෙනවා....

    ReplyDelete
  7. හරිම අපූරු පද ටිකක්.... නියමයි...

    ReplyDelete
  8. ඒ නිමේෂය හොඳම විදිහට බෙදාගත්තා.

    ReplyDelete
  9. හිතුවක්කාරයා, හේමලයා, Pasan, charmi,

    ස්තුතියි අදහස් බෙදාගන්න එකතු උනාට..ඒ මොහොතේ හැඟීම් වලින් දශමයක් හරි මේ වචන ටිකෙන් දෙන්න පුලුවන් උනානම් ඒ ඇති...

    ReplyDelete