Saturday, September 18, 2010

ලෝකය පැතලිම පැතලි රොටියක් වුනානම්....














ලෝකය
ගෝලයක් නොවී
පැතලිම පැතලි
රොටියක් වුනානම්....
මට දෙවියන්ගෙන්
ඉල්ලන්න තිබුනා
ඔක්කොම කඳු
ගස්
ගොඩනැගිලි
මිනිස්සු
හැමදේම
අයින් කරන්න කියලා..
මොහොතකට
ඇයත් මාත් හැර.
එහෙම උනානම්
ලෝකේ
මෙහා කොනේ ඉඳන්
එහා කොනේ ඉන්න
ඇයව
බලාගන්න තිබුනා
තිතක් වගේ...


8 comments:

  1. අපොයි මට පේන්නෙ දෙවියො උඔට වඩා ප්‍රැක්ටිකල් මචං.
    ඒකනේ ලෝකෙ එහෙමම තියෙද්දි ස්කයිප් දීල තියෙන්නෙ.

    ReplyDelete
  2. hiks................ අනේ චමිල...මටත් එහෙම ඉල්ලන්න තිබ්බා....මොකද එක දවසක් වත් දකින්නෙ නැතුව ඉන්න බැරි හින්දා....

    ලස්සනයි සිතිවිල්ල

    ReplyDelete
  3. charmi: ඔන්න ඔතන තමයි මචන් දෙවියන්ට වැරදුනේ. දෙවියො ඉන්ටර්නෙට්, ස්කයිප් දීලා, ඔන්න යූස් කරපල්ල කියල බලන් හිටියනෙ. ඒත් දෙවියො හිතුවෙ නැහැ මේව පාවිච්චි කරන්ඩ මුන්ට සල්ලි තියනවද, සාක්ෂරතාවය තියනවද, ඒවට පහසුකම් තියනවද කියල. ඒවා ගැන වගේ වගක් නැතුව ඉන්නව. සමහර රටවල් වල ඉන්ටර්නෙට් තහනම් කරයි කියලත් හිතන්ඩ නැතුව ඇති. අනිත් එක සමහර මිනිස්සුන්ට ඉන්ටර්නෙට් ඇලජික් වෙයි කියලත් හිතලා නැහැනෙ..... ඉතින් ඔය වගේ ගොඩාක් අවස්ථා වල මෙහෙම ප්‍රැක්ටිකල් නැති ප්‍රර්ථනා කරනව ඇරෙන්ඩ සරල විසඳුමක් නැහැ.... :) ස්තුතියි මචන්..!!!

    දිල්: ස්තුතියි දිල්...!!! මොනව උනත් පලවෙනි පේලියෙන්ම වැඩේ හබක්නෙ. "ලෝකය ගෝලයක් නොවී රොටියක් උනා නම්" තමයි ඔය ඔක්කොම ඉල්ලන්ඩ පුලුවන් වෙන්නෙ. ඒත් ඉතින් ලොකේ ගෝලයක්නේ... ඒ හින්ද චාමී කියනව වගේ ස්කයිප් එහෙම පාවිච්චි කරන්ඩ පුලුවන්නන් හොඳයි :)

    ReplyDelete
  4. මට නම් මාතෘකාව දැක්ක ගමන් ආවේ මාර බඩගින්නක්... කට්ටසම්බෝලයක් එක්ක රොටී කන්න.... කිරි බත් වලට පස්සේ මම ආසම කෑම...

    ඉට පස්සේ නිසදැස බැලුව... හ්ම්... ඔයාට පුලුවන් මල්ලි එයාව බලන්න... ඔයාගේ හිතින්....මම වගේ...

    ආදරය හරිම දුකක්.. ඒක ඇත්ත... ලෝකේම වෙනස් කරන්න හිතෙනව තමයි ආදරේ නිසා...

    ReplyDelete
  5. එච්චර දුර ඇස් පෙනෙයිද කියන එක තමයි ප්‍රශ්ණය. දෘෂ්ඨියටත් සීමාවක් තියෙනවනෙ.

    ලස්සනයි කවිය...

    ReplyDelete
  6. වත් : මම ඔය පලවෙනි පේලිය ටික දවසකට කලින් ෆේස්බුක් එකේ දැම්ම. "ලෝකය ගෝලයක් නොවී පැතලිම පැතලි රොටියක් වුනානම්...." කට්ටිය ඒකට දාපු කමෙන්ට්ස් වලත් තිබ්බ ඔයාට හිතුන කතාවම. "බඩගිනි වෙලාවට කෑල්ල කෑල්ල කන්ඩ තිබ්බා" කියලා. ස්තුතියි අක්කේ අදහස් වලට... හිතින් දකිමු...

    Outsider: මම නන් දුරබලන උපකරණයක් පාවිච්චි කරනවා. පියවි ඇහින් නන් කොහොමත් අමාරු වෙයි(බලන වස්තුව සෑහෙන්ඩ විශාල නොවුනොත් හැර ;) ). ස්තුතියි සහෝ...!!!

    ReplyDelete
  7. එතකොට මචෝ කෑල්ල එපා වුනහම වෙන කෑල්ලක් අල්ලගන්න බෑනෙ පරන එව බලාගන ඉන්නවනෙ .....

    ReplyDelete
  8. ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. එපා උනොත් මෙහෙම ඉල්ලන වෙන එකකුත් නැහැ මචන්...

    ReplyDelete