Thursday, September 30, 2010

ඔහුගේ අතගෙන ඔබ ඉද්දී...














ඔහුගේ අතගෙන
උරහිසට බරවෙලා
ඔබ
හිනාවෙවී හිටියා...
ඈත බලාගෙන
මූන හංගගෙන
මං
හිනාවෙවී හිටියා...


5 comments:

  1. බොරු
    ඈත බලාගෙන නෙත තිබුනත්
    නුඹ හඩමින් ඉන්නව
    මා දුටුවා

    ReplyDelete
  2. චාමී : කාලෙකට ඉස්සර ලියපු එකක්. ඇගේ හිනාවයි මගේ හිනාවයි හිනා දෙකක්. මම ඇත්ත මූන හංගගෙන වෙස්මූනෙන් හිනාවෙනවා... ඒක තනිකරම බොරු හිනාවකුත් නෙවෙයි හැබැයි... ඒක ඇතුලෙ උන් දෙන්නා ගැන සතුටක්, ඉරිසියාවක්, දුකක්, ........

    වත් : ඇත්ත... ඒත් පිටින් කාටවත් ඒක පෙනෙන්නෙ නැහැ(ඔයාලා වගේ කට්ටියට හැර). පෞද්ගලිකව ගත්තත් ගැඟීම් පිටට නොපෙන්වා ඉඳීමේ පොඩි හැකියාවක් මට තියනව අක්කා... මේ එක අවස්ථාවක්...

    ReplyDelete
  3. හැඞීම තුල වගේ නෙවෙයි සිනාව තුල ගොඩක් දේවල් හංගන්න පුඵවන් වෙලා තියෙනව. ඒක දෙබිඩි බවක් තමයි. ඒත් එහෙම නොකර ඉන්න බැරි අවස්ථා තිතෙනව.(‍දේශපාලකයන්ගෙ හිනාව නොවෙයි)

    ReplyDelete
  4. සම්පූර්ණ ඇත්ත... උදාහරණයක් විදිහට මේ කියන වෙලාවෙදි මූන අවුල් කරන් අප්සට් එකෙන් හිටියනම් ඒ අවස්ථාවම බිඳිලායනවා. ඒ හින්දා දෙබිඩි වෙන්ඩ සිද්ද වෙනවා සමහර වෙලාවට. අනික හිනාව කියන්නෙ ලොකු පරාසයක තියන දෙයක්නෙ. ඉතින් හැම හිනාවකම තියනව ඒකට ආවේනික හැඟීම ගොඩක්...

    ReplyDelete