Friday, January 28, 2011

එයාගෙ බැල්මටත් මගේ හිත ඇදෙනවා...




















එයා හරි ලස්සනයි
එයාගෙ බැල්මටත්
මගේ හිත ඇදෙනවා
එය නවත්වන්නට මට බෑ...
ඒ මුදු ලැමද සිහිනිඟද
මගේ නෙත දකිනවා
සිහිනයක ඇඳි කැටයමක් වගේ..
මගේ සිත ඇගේ ගත සොයනවා
මගේ නෙත ඒ පුරා ඇදෙනවා
යළි යළිත් මා ඈ දෙසම බලනවා...
බලනවා විතරයි
වෙන දෙයක් කරන්නට මට බෑ...
ඒත් එයා
මා දිහා බලාගෙන රවනවා
මගේ හිත හැමදාම තැවෙනවා
එයාට මං ආදරේ නෑ...
මට ඕනේ බලන්නට විතරයි

7 comments:

  1. ඒක නම් මරුම හැඟීමක්. හිත ආශා කරන දැකීම ආදරය කියල අපි හිතන දෙයින් වියුක්තව හඳුනාගන්න පුඵවන්කමක් අපට තියෙයිද ඒ විදියට.

    ReplyDelete
  2. ආදරයයි ..ආසාවයි වෙන් වෙන්ව අදුර ගන්න පුලුවන් වීම භාග්‍යයක්..

    ReplyDelete
  3. ``` Outsider```,සොඳුරු සිත :
    ඒක සංකීර්ණයි...සීමාව පැහැදිලි නෑ... අනික එහෙම රවද්දි නරියත් "මිදි තිත්තයි" කිව්වලුනෙ ;)

    ReplyDelete
  4. සික් කැත හිත.......:D

    සිරාවට ලියලා තියේ.... මරු....

    ජය වේවා...!!

    ReplyDelete
  5. ස්තූතියි සෝරෝ...!!! ;)

    ReplyDelete
  6. ආදරෙයි ආසාවයි පටලවා නොගන්න එක නම් හොඳයි.

    ReplyDelete
  7. කලින් දුන්න උත්තරේම තමයි දෙන්න තියෙන්නෙ :) ස්තූතියි පිණිබිඳු...

    ReplyDelete