skip to main |
skip to sidebar
මොකද මෙච්චර ලංවෙලා?
ඈ මගේ
ඇඟේ
වදින නොවදින
දුරින්..
මගේ උණුසුම්
සුසුම්
දැනෙනවා ඇති
ඇගේ
ගෙල මතින්..
"මොකද මෙච්චර ලංවෙලා?"
උත්තර නැති ප්රශ්න
වචන නැති උත්තර
"හ්ම්ම්...."
තප්පර දහයක් ගතවුනා
තප්පර විස්සක් ගතවුනා
තප්පර තිහක්...
මොහොතකින් ඇය හැරී
මගේ පැත්තට නැවී
විසල් තරු නෙත් වලින්
පුදුම වී බලා උන්නා...
ඒ තමයි
මං ඈව
සිපගත්ත
මොහොත!
ඊට පස්සේ
ඝණ සැරේට
දිගටම වැස්ස...
super.....
ReplyDeleteතැන්ක්යූ හේමල්ස්!!
ReplyDeleteඊට පස්සෙ දිගටම වැස්ස කිව්වට.. තව තව දේවල් වෙන්න ඇති.....
ReplyDeleteඒ හින්දා තමයි දිගටම "වැස්ස" කියල කිව්වේ ;)
ReplyDeleteනියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/
ReplyDeleteඊට පස්සේ දිගටම ඝන සැරේට වැස්ස.........
ReplyDeleteනියමයි චමිල....නියමයි..........
තැන්කූ තැන්කූ :)
Deleteඅහන්න අමතකම වුනා.චිත්රය ඔයාගෙද?
ReplyDeleteඅපෝ නෑ නෑ... මේක මේ ගූග්ල් කොරල හොයාගත්ත එකක්
Deleteඉට පස්සෙ දිගටම වෑස්ස කිව්වෙ.... මොනවා හරි වෙලා තියනව ඉට පස්සෙ....
ReplyDeleteඊට පස්සෙ වැස්සට කැමරාව අල්ලලා වැස්සෙ ශොට් එක පෙන්නනවා. උනේ මොකද්ද කියල තම තමන් කැමති විදිහට හිතාගන්ඩ ඕනේ.
Deleteස්තූතියි මේ පැත්තෙ ආවට..!
බොහොම කාලෙකින් මේ පැත්තට ආවේ..
ReplyDelete+++++++++++
තැන්කූ මචන්
ReplyDeleteදිගටම වැස්ස කියල අපිට තේරුණා මේකෙ මකුල් දැල් බැඳල තියෙද්දි..
ReplyDeleteනෑ බන්.. වැඩ. පාර්ට් ටයිම් ජොබ් දෙකක් කරනවා දැනට. ඉස්සරහට තුනක් වෙයි. බ්ලොග් ලියන්ඩ කලින් ජීවත් වෙන්ඩ එපෑයි මචන් :)
Deleteඉස්සරහට මකුලුදැල් නෙවෙයි මීයෝ ගුල් බඳීවී මේ බ්ලොග් එකේ.
සුපිරි! මචං මොකක්ද සීං එක ඝණ සැරේට?
ReplyDeleteඅප්පට හුඩු! උබත් කොමෙන්ට් කරල තියෙන්නෙ! චැට් එකේ සෙට් වෙච්ච වෙලාවක කියන්නන් :)
Deleteතැන්ක්යූ මචන් මේ පැත්තෙ ආවට...