Wednesday, March 13, 2013

මොකද මෙච්චර ලංවෙලා?















ඈ මගේ
ඇඟේ
වදින නොවදින
දුරින්..
මගේ උණුසුම්
සුසුම්
දැනෙනවා ඇති
ඇගේ
ගෙල මතින්..
"මොකද මෙච්චර ලංවෙලා?"
උත්තර නැති ප්‍රශ්න
වචන නැති උත්තර
"හ්ම්ම්...."
තප්පර දහයක් ගතවුනා
තප්පර විස්සක් ගතවුනා
තප්පර තිහක්...
මොහොතකින් ඇය හැරී
මගේ පැත්තට නැවී
විසල් තරු නෙත් වලින්
පුදුම වී බලා උන්නා...
ඒ තමයි
මං ඈව
සිපගත්ත
මොහොත!
ඊට පස්සේ
ඝණ සැරේට
දිගටම වැස්ස...

17 comments:

  1. තැන්ක්යූ හේමල්ස්!!

    ReplyDelete
  2. ඊට පස්සෙ දිගටම වැස්ස කිව්වට.. තව තව දේවල් වෙන්න ඇති.....

    ReplyDelete
  3. ඒ හින්දා තමයි දිගටම "වැස්ස" කියල කිව්වේ ;)

    ReplyDelete
  4. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  5. ඊට පස්සේ දිගටම ඝන සැරේට වැස්ස.........

    නියමයි චමිල....නියමයි..........

    ReplyDelete
  6. අහන්න අමතකම වුනා.චිත්‍රය ඔයාගෙද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ නෑ... මේක මේ ගූග්ල් කොරල හොයාගත්ත එකක්

      Delete
  7. ඉට පස්සෙ දිගටම වෑස්ස කිව්වෙ.... මොනවා හරි වෙලා තියනව ඉට පස්සෙ....

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ වැස්සට කැමරාව අල්ලලා වැස්සෙ ශොට් එක පෙන්නනවා. උනේ මොකද්ද කියල තම තමන් කැමති විදිහට හිතාගන්ඩ ඕනේ.
      ස්තූතියි මේ පැත්තෙ ආවට..!

      Delete
  8. බොහොම කාලෙකින් මේ පැත්තට ආවේ..
    +++++++++++

    ReplyDelete
  9. තැන්කූ මචන්

    ReplyDelete
  10. දිගටම වැස්ස කියල අපිට තේරුණා මේකෙ මකුල් දැල් බැඳල තියෙද්දි..

    ReplyDelete
    Replies
    1. නෑ බන්.. වැඩ. පාර්ට් ටයිම් ජොබ් දෙකක් කරනවා දැනට. ඉස්සරහට තුනක් වෙයි. බ්ලොග් ලියන්ඩ කලින් ජීවත් වෙන්ඩ එපෑයි මචන් :)

      ඉස්සරහට මකුලුදැල් නෙවෙයි මීයෝ ගුල් බඳීවී මේ බ්ලොග් එකේ.

      Delete
  11. සුපිරි! මචං මොකක්ද සීං එක​ ඝණ සැරේට?

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු! උබත් කොමෙන්ට් කරල තියෙන්නෙ! චැට් එකේ සෙට් වෙච්ච වෙලාවක කියන්නන් :)
      තැන්ක්යූ මචන් මේ පැත්තෙ ආවට...

      Delete