බස් එකේ ඉඳගෙන
ජනේලයෙන් එලිය බලාගෙන
සිතිවිලි වල කිමිදෙමින් ඉන්නකොට
මට
ඇසිපිය ගහන සැනින්
ඇයව මතක් වුනා....
විදුලියක් වගේ
හැමදාම
හිත ඇතුලෙ
දඟ දාපු පැණය
ආයෙත්...
"මම ඇයට ආදරේද?"
බස් එකෙන් එලියේ
පහුවෙවී යන
නොයෙක් දේවල්,
මිනිස්සු,
නොපෙනිලා ගිහින්
ඇගේ රූපය පමණක් ඉතිරිවෙලා
යලි යලිත්
ඒ පැණය
වද කලා....
"මම ඇයට ආදරේද?"
බස් එකෙන් බහිනකොටවත්
උත්තරයක්
ලැබී තිබුනේ නෑ...
බැහැලා
පාර දිගේ ඇවිදගෙන යද්දී...
පාර පුරා
ඇහැළ මල්
වැටිලා තිබුනා....
මා යන පාර දිගට
සිසිල් සුලං රැළි
එකින් එක මල් පොකුරු
බිමට හලමින් තිබුනා....
මගේ පරණ ඩයරිය එකම එක අවුරුද්දක් ලියවිච්ච බලන්නවත් දුකයි :(
ReplyDeleteneth
නෙත්...
ReplyDeleteපරණ ඩයරි වල තියන දෙවල් දැක්කම දැනෙන දේ සමහර වෙලාවට වචන වලින් කියන්න බැරි තරම්.....ඒ දුකද සතුටද මොකද්ද කියලා හිතා ගන්ඩත් බෑ...මොනව උනත් ඒවා ඔක්කොම අතීතයට එකතුවෙලා...ඒවා ගැන දැනෙන දේවල් කවි වලින්වත් පිට කරල දාමූ.... (මේවත් කවිද මන්දා :D )
මම ඒ නමට කැමතී..........
Mama aasama kaviya meka :-)
ReplyDeletethanks Kemali....මමත් මේකට කැමති....මේක ආපහු කියවද්දි ඔය සිද්දිය මතක් වෙනව... හරිම සුන්දර කාලයක් ඒක....
ReplyDelete