ආදරය
ලැගුම් ගන්නේ කොහේද?
හිස් මුදුනේ සිට
ඇඟිලි කොන දක්වා
කකියයි..
ඔක්කොටෝම වැඩිය
පපුව හිර වෙයි...
ආදරය ලැගුම් ගන්නේ
පපු කුහර ඇතුලෙද?
එහි ලැගගෙන
අඬු පඬු
ඇඟපුරා
පතුරවා යවනවද?
මම අතගා බලමි
පපුව
හෙමින්
තදින්
ඇතුලට
ඒ වුනත් හසුනොවේ
ආදරය
කොතරම් ගැඹුරින්ද
නුඹ ඉන්නෙ
පපුව පලා
දෙපළු කර
බැලිය යුතුයි....
ඔය කොතනක හෙව්වත් හම්බ වෙන්නෙ නැති තැනක තියන්නෙ..
ReplyDeleteමම දන්නවා ආදරය තියන තැන දන්න කෙනෙක්..
එයා කියනවා තැන මට දැන ගන්න ඔනා නම් මකරෙකුගෙ හදවතක් ඔනෙලු එයාට..
කවිය ලස්සනයි.. හොයන්න එපා.. විමසන්න ත් එපා.. එක කවදා හරි දැනෙවි කියලා මමත් හිතාගෙන ඉන්නවා.
ආදරය හරියට පිලිකාවක් වගේ
ReplyDeleteසමාවෙන්න ඒ වචනෙ බාවිතා කරාට
එකතැනකින් පටන් අරන් මුළු ඈඟ පුරාම පැතිරෙනව
අවසානයේ ගැලවිමක් නැති වෙනව
ඉතින් පරිස්සම් වෙන්න
හැබැයි පරිස්සම් වෙන්න ඒක බෝවෙන රෝගයකුත් නෙමෙයි
අනේ මන්ද ඒත් පරිස්සමින්....
අනේ මන්දා බන්.
ReplyDeleteඒ ගැන හොයන්න යන්න එපා. දැනෙන ඒවා විඳින්න.
ලස්සනයි මචන් පදපෙළ.
ආදරේ කියන දේ විදින්න පුලුවන්. ඒත් කොහේ තියෙනවද කියන එක නම් තේරෙන්නෙ නෑ. කවිය හරි ලස්සනයි.
ReplyDeleteආදරය කියන්නේ chemistry.
ReplyDeleteමොලයේ වෙන දේ තමයි ඔය ඇග පුරා දැනෙන්නේ
ආදරේ තියන තැන හරියටම අහු වෙන්නෙ නැත්තෙ ඒක එක තැනක නැති නිසා. හැම තැනම දුවනවා..එක ජීවමාන සිරුරකින් තවත් සිරුරකට ගමන් කරන්නෙ අමුතු අමුතු ගමන් මාර්ගයන් ඔස්සේ. එය තොල් හරහා නළල මතට හිමීට වගේම, අත්ල හරහා කණ මතට වේගයෙන් උනත් වෙන්න පුළුවන්.. ඕක අල්ලන්න ට්‍රයි කරන එක ලොකු කාඹරයකට රින්ගපු කොස් ඇට මීයෙක් අල්ලනවා වගේ වැඩක්.. ඒක හින්දා ඔන්න ඕක අල්ලලා දාන්න ...
ReplyDeleteකොහේ තිබුණත් කමක් නෑ ඒ දැනීම විඳගන්න... ලස්සනයි පද පෙල....
ReplyDeleteරවා,wath,Raven,msenarath,Anonymous,පුර සඳ,විශ්මි
ReplyDeleteඅදහස් වලට හද පිරි තුති...
ආදරේ විඳින එක කෙසේ වෙතත් මෙහෙම දෙයක් නන් හිතෙනව...
"දෙවියනි
තොප හිඳින්නෙහි නම්
කවර වුව දීපංකරයක
කමා කර මා වෙත
යොමා තොප නෙත
මුදන් මා
මේ වරපටින්.
දෙවියනි
මේ ආදරයේ නයි විෂ
මා සිරුරින් පහ කළ මැනව
...................."
(කන්නලව්වයි )
නගා මැරූ අල - කේ. කේ සමන් කුමාර
හරියටම තැනක් නෑ.
ReplyDeleteඑක එක අයගේ එක එක තැන්වල නතර වෙනවා
/බිඟුවා...!
එක එක අයගෙ එක එක තැන් වල නතර වෙලා වැඩේ නතර වෙනවනන් කමක් නෑ..එත් ඊට පස්සේ අපෙත් එක එක තැන් රිදෙන්ඩ ගන්නවනේ බිඟුවෝ........ :D
ReplyDeleteඅදහසට තුති....!!!