Tuesday, April 6, 2010

ඔය මූනේ ගොඩක්ම ලස්සන....














ඔය මූනේ
ගොඩක්ම ලස්සන
දේදුනු ඇහිබැමි වලට යටින් ඇති
ඔය ඇස් දෙක...
මම යලි යලිත් බැලුවෙ
වෙන කිසි දෙයක් දිහා නොවේ
ඔයාගේ ඇස් දිහා...
මූන බිමට හරවගෙන
නිදා ගත්ත වගෙ
ඉන්න එපා
ඇස් උස්සලා
බලන් ඉන්න
පොඩ්ඩක්
මා දිහා නොවේ
කොහේ හරි..
යන්න කලින්
තව එක පාරක්
මට ඔය ඇස් දෙක
බලා ගන්න...

5 comments:

  1. කතා කරන ඈස්
    හිත් ගොළු කරනව

    ReplyDelete
  2. මේක මුල්වරට කියවද්දි තේරුම් ගිය අර්ථය වෙනස් උනා දෙතුන් වතාවක් කියවද්දි.
    ලස්සනයි නිර්මාණය මචන්. ඔබට ජය.

    ReplyDelete
  3. අපූරුයි යාඵවා නිර්මාණය

    ReplyDelete
  4. ඇත්තෙන්ම අපූරු නිර්මාණයක්

    ReplyDelete
  5. Wath ,Raven , ``` Outsider``` , දිල්, අදහස් වලට ස්තුතියි....

    Wath ..... හිත් ගොළුවුන වෙලාවට
    ඇස් කතා කරනවා.... :)

    Raven..... ඇත්ත සිද්දියේ සමහර දේවල් හංගලා අදහස් ගොඩකට පාරවල් අරින්ඩයි උත්සහ කලේ... ඒ හින්ද අර්ථ කීපයක්ම මතුවෙන්ඩ පුලුවන් මචං...ස්තුතියි....

    ReplyDelete