Thursday, April 22, 2010

මැඩිසන් කවුන්ටියේ පාලම්....



















අයෝවාවේ
කෙත්වතු වල
දුහුවිලි මුසු සුළඟේ
අමුතු සුවඳක් දැනුනා..
රෝස්මන් පාලම දෙපැත්තේ
පුංචි පුංචි කැලෑමල්
පිපිලා තිබුනා...
නුඹ මාව ගෙන ගියේ
පාලම වෙත නොව
ඉන් එහා පැත්තේ
අලුත් ලොවකට බව
මට දැනුනා....
ආපසු එනවිට
බලු කුක්කෙක්
බුරමින්
අපි පස්සෙන්
ආවා මතකද?
ඒ ආවේ
ගිය දෙන්නා නොව
වෙනස්ම දෙන්නෙක්
කියලා
මට හිතුනා.....

Clint Eastwood විසින් නිමැවූ The Bridges of Madison County චිත්‍රපටය නැරඹීමෙන් පසුව ලියැවුනි. මෙයට තේමා වන්නේ ඇමරිකාවේ කෘෂිකාර්මික ප්‍රාන්තයක් වන අයෝවාවේ (Iowa) මැඩිසන් ප්‍රදේශයේ සිදුවන සිද්ධි මාලාවකි. මෙම ප්‍රදේශයේ ඇති ඉපැරණි, වහල සහිත පාලම් වල පින්තූර ගැනීමට එන මැදිවිය ඉක්මවමින් සිටින ඡායාරූප ශිල්පියෙකු වන Robert Kincaid රෝස්මන් පාලම වෙත යන පාර අසන්නේ මැදිවියේ සිටි, දරු දෙදෙනෙකුට ආදරණීය මවක් වූ, යහපත් සැමියෙකුට ආදරණීය බිරිඳක් වූ, Francesca ගෙනි. The Bridges of Madison County ඔවුන් දෙදෙනාගේ අමරණීය ආදරයේ කතාවයි.....


14 comments:

  1. මේ චිත්‍රපටය මා ළග තිබ්බත් තවම නරඹලා නැහැ. නැරඹිමේ අශාව වැඩි උනා ඔබේ මේ පදපෙළ කියවලා. කතාව බලලම එන්නම් කමෙන්ට් එකක් කොටන්න.

    ReplyDelete
  2. අනිවා බලන්ඩ. මේක මම බලපු හොඳම ෆිල්ම් වලින් එකක්. නිකන්ම ආදර කතාවක් නෙවෙයි...ඊටත් එහා ගිය එකක්. අපි කතා කරමු ෆිල්ම් එක ගැන...

    ReplyDelete
  3. යකො රෙවන් මු නම් පිස්සෙක්.. මට රෙවන් එක්කා පුදුම තරහක් යන්නෙ.. ලග හිටියානම් උස්සලා පොළෙ ගහනවා.. මෙච්චර ලස්සන දෙයක් ලග තියෙද්දි .. මු කරන වැඩ..

    The Bridges of Madison County

    චමිල ඉතින් ආපහු කියන්න දෙයක් නැහැනෙ.. මෙ කතාව ගැන ඇත්තටම මචන් ආදරෙට එහා ගිය දෙයක් මෙ කතාවෙ විස්තර වෙනවා.. මිනිස්සුන්ගෙ හිතට දැනෙන පාලුව , කාන්සිය, තනිකම ත් එක්ක ගැටෙන ගැහැනියෙකුට ලැබෙන සමාගමයත් එත් එක්ක සිතෙ ඇතිවන වෙව්ලීම එහෙමත් නැත්නම් සිතෙ ඇතිවන විචලනය විම අපුරුවට සිත්තම් කරනවා.. ඉට පස්සෙ.. ඉට පස්සෙ ආදරයත් , අනුකම්පාවත් අතර වෙනස අදුන ගන්නා ගැහැනිය.. තම ස්වකීය පවුල වෙනුවෙන් .. තමන් මැවු සිහින මාලිගා සියල්ල කැප කරනවා..

    පුංචි පාලමක් වට ගෙතුනු අපුරු චිත්‍රපටයත් එ වෙනුවෙන් ඔබ තැනු සටහනත්.. සොදුරු පද පෙළි කිපයත් දැන් මගෙ හිත ගල් කර හමාරයි..

    චමිල මට සමාවෙයන්, අදන් පස්සෙ උඹව මට කවදාවත් අමතක වෙන එකක් නැහැ.. facebook chat....

    ReplyDelete
  4. රවා..පිස්සුද මචන්... සමාව ඉල්ලන්ඩ දෙයක් නෑ. අපි ඒ වෙද්දි හරියටම අඳුරගෙන හිටියෙ නෑනේ.සෙට් වෙමු මූනුපොතේ... :D
    ස්තුතියි මචන් අදහස් වලට.... මේ ෆිල්ම් එකට උඹත් කැමති කියල අහන්ඩ ලැබීමත් සන්තෝසයි. මම මේ මේක බලපු 5 වෙනි වතාව විතර. නිතරම තුවක්කු අරන් ඉන්න අපේ Clint Eastwood මාමාව මුලින්ම දැක්කේ මේකෙන්. පස්සෙ එයාගේ Western චිත්‍රපටි බැලුවත් මේ කැමරාවක් අරන් ඉන්න Clint Eastwood ව මට අමතක වෙන්නෙ නෑ කවදාවත්... එකමයි මේ (කවි නොවන) වචන පේලි ටික ලිව්වෙ....
    අපි බලමු Raven මොකද කියන්නෙ කියල...

    ReplyDelete
  5. මම හරිම ආස කරන චිත්‍රපටියක්.. එක ගැන තව කෙනෙක් කියද්දි මට ලොකු සතුටක් දැනුනා.. එදා චැට් එකෙදි ඔයයි ඉස්සර වුනෙ.. එ අස්සෙ මම ඔයාට හොරෙන් ඔයා කවුද කියලා වටා පිටාවෙ හොදට හොයලා තමයි අන්තිමට ඇහැව්වෙ.. කවුද කොහොමද මාව දන්නෙ කියලා.. මට පස්සෙ හිතුනා, උබෙ හිත රිදුනද දන්නෙත් නැහැ කියලා.. මොකද සමහර අය.. පොඩි පොඩි දෙවල් වලින් මාව මැනලා... එයාලම තිරණය කරලා මාත් එක්ක තරහා වෙනවා..

    ReplyDelete
  6. අදම මේ ෆිල්ම් එක බා ගන්න ඕනේ බලන්න.

    ReplyDelete
  7. රවා ට
    ඔව් මචන්...ඔය වගේ සිද්ධි මටත් වෙල තියනව. මම තවම දන්නෙ නෑ සමහරු මාත් එක්ක අමනාප උනේ ඇයි කියල. මමත් හරිම විරුද්ධ දෙයක් තමයි පොඩි පොඩි දෙවල් වලින් තමන්ම කතන්දර හදාගෙන තමන්ම තීරණය කරල තරහ වෙන එකට...
    උඹට මාව අඳුරගන්ඩ බැරි උන එක සාදාරණයිනෙ බන්.. ඒ වෙද්දි අපි දැනන් හිටියෙ නෑනේ.පොඩ්ඩක්වත් හිත රිදුනෙ නෑ මචන්... :D හැබැයි ඊලඟ සැරේ අඳුරගන්ඩ බැරි උනොත් එහෙම බලා ගමු.... ;)

    Ansh ට
    බලන්ඩ බලන්ඩ... මට මේකේ ටොරන්ට් එක දාන්ඩ බැරි උනානේ... ඔන්න දැම්ම..ඩවුන් ලෝඩ් කරේ නැත්තන් මේකෙන් අරගන්ඩ...

    http://www.monova.org/details/832880/THE%20BRIDGES%20OF%20MADISON%20COUNTY[1995]DIVX[WS]DVDRIP[ENG][SUBS]-ATLAS47.html

    ReplyDelete
  8. age is only a number, and if we live by numbers forever, none of us will ever be happy!

    කට්ටිය කීව විස්තර වලින් මටත් බලන්න ආසාවක් ඈතිවුනා... බාගෙන නම් බලන්න විදිහක් නැහැ...

    ReplyDelete
  9. ස්තුතියි සහොදරී අදහස් වලට. ලස්සන කියමනක්. ආදරයට වයස ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා බලල ඇති ප්‍රසන්න විතානගේ හදපු පවුරු වළලු. ඒකෙත් කියන්නෙ ඔය දේමයි නේද?
    ම්ම්ම්.... බලන්ඩ ඕනේ ෆිල්ම් එකක්. බාගන්න බැරි නම් වීඩියෝ ශොප් එකකින්වත් අරන් බලන්ඩ (හැබැයි එහෙම බලල බැනීම තහනම් ;) මොකද, මම ආසාවෙන් කට්ටියට නිර්දේශ කරල, සමහර වෙලාවට එක්කන් ගිහින් පෙන්නපු චිත්‍රපටි වලට කට්ටියගෙන් පලු යන්ඩ බැනුම් අහල තියනව හික් හික්)

    මේ චිත්‍රපටියේ හරි ලස්සන දෙබස් තියනව. ඔයගේ වැකිය දකිද්දි තමයි හිතුනෙ ඒවත් බෙදාහදා ගත්තනන් හොඳයි කියල... මේ තියෙන්නෙ මම කමතිම දෙබස් කීපයක්.

    "When I think of why I make pictures, the reason that I can come up with just seems that I've been making my way here. It seems right now that all I've ever done in my life is making my way here to you."

    "The old dreams were good dreams; they didn't work out, but glad I had them."

    තව ගොඩක් තියනවා..ඒවත් කියවන්ඩ කැමති නන් පහලින් ලින්ක් එකකුත් දානව. ගිහින් බලන්ඩ....

    http://www.imdb.com/title/tt0112579/quotes

    ReplyDelete
  10. හෙට බලන්න ඕනෙ....... බලලම කියන්නම් සහෝ මේ ගැන....... :)

    ReplyDelete
  11. බැලුවා..... ලස්සන කතාවක් ....... ප්‍රේමයට නිම්හිම් නැතී කියල විතරයි මට කියන්න තියෙන්නේ....... ඒත් ෆ්‍රැන්සෙස්කා රොබට් එක්ක ගියා නම්... ප්‍රමාද නොවී දොර ඇරගෙන වාහනෙන් බැස්සානම් ඇය ජීවිතය ලබන්න ඉඩ තිබුණා...... ඒත් චිත්‍රපටියට නඟන්න දෙයක් එතකොට ඉතුරු වෙන එකක් නෑ නේද?

    මේ වගේම ලස්සන ආදර කතා තමයි 'The Note Book' සහ ' A Message in a Bottle ' ..... කවිය ලස්සනයි සහෝ..... ගිය දෙන්න නෙවෙයි තමා ආයෙමත් ආවේ.......

    ReplyDelete
  12. චමිල,රවා-
    අප්පා..මැක්සා චිත්‍රපටයක්නේ ළග තියාගෙන නොබලා හිටි‍යේ.
    නියමයි මචන්ලා.
    දැන් තමයි නිර්මාණයේ උපරිම රහක් වින්දේ. ප්‍රේමය ගැන තවත් පැත්තකින් පෙළගැස්සුව සිනමාපටයක්.
    ආදරය ගැන කියවෙන මගේ ප්‍රියතම තවත් චිත්‍රපටයක් නිර්දේශ කරන්නම් මෙතන.
    Eternal sunshine of the spotless mind
    බලපන් හොයාගෙන. ජිම් කේරි ඉන්නෙ. නියමයි.

    ReplyDelete
  13. විශ්මි.... සන්තෝසයි බලලා අදහස් දැම්මට... ඔව් ෆ්‍රැන්සෙස්කා එහෙම ගියා නන් එයා අලුත් ජීවිතයක් ලබන්ඩ තිබ්බා. හැබැයි සමහර විට එයාලගේ ආදරය ඔච්චර ලස්සන නොවෙන්ඩත් ඉඩතිබ්බ. ඒ දෙන්න මැරෙනකන්ම ආදරය කලානෙ. කවුද දන්නේ ඒ දෙන්න එකට හිටිය නන් මොනව වේද කියල. කවුරු හරි මගෙන් ඇහුවොත් "ඔයා ෆ්‍රැන්සෙස්කා උනා නන් මොකද කරන්නේ?" කියල මගේ උත්තරේ.... මම කරන්නෙත් ෆ්‍රැන්සෙස්කා කරපු දේම තමයි..... ඒත් එයා රොබට් එක්ක ගියත් මම එයගේ පැත්ත ගන්නව.The Note Book බලල තියනව. ඒක ලස්සනයි. අනික නන් බලල නැහැ.හොයාගෙන බලන්නන්කො. ස්තුතියි විශ්මි...

    ReplyDelete
  14. මචන් Raven,
    සන්තෝසයි බලලා අදහස් දැමීම ගැන. උඹලා මේ චිත්‍රපටියට කැමති කියල කිව්වහම හරිම සතුටක් දැනෙන්නේ.
    Eternal sunshine of the spotless mind
    මචන්....!!! මම බලලා තියනව. ගින්දර..!!! විශ්වාස කරපන්...මම ඕක එක දිගට දෙපාරක් බැලුව. සෑහෙන්ඩ විඳපු චිත්‍රපටියක්.... ආපහු බලන්න ඕනෙ දවසක.
    ස්තුතියි මචන්..

    ReplyDelete