Wednesday, April 28, 2010

චෙරි කැකුලු වියන යට......














තාරුකා ගගන
අප දෙදෙන
අතර තනි රකින
චෙරි කැකුලු වියන

මත් වූ නුවන
ඇර නොඇර බලන
කෙස් රොදින් වැසුන
ඔබේ සුදු මුහුන

හිරිගඩු පවන
මැද සිනා සලන
අප ගැන සොයන
අයෙකු නැත මෙදින

සැලෙන හද විල
වැටෙන පිනි වල
වළලු රැලි මත
සැලෙයි ඔබෙ රුව

කාල සලකුණු
මැකී වියැකුනු
ඇසිල්ලේ සොඳුරු
ගැලී මියැදෙමු.....


9 comments:

  1. කල්පයක් පාරමී පිරුවත්
    අසුරු සැනක් සේ දැනෙන
    පෙම් සිසිල් අසපුවක
    සුව විඳින ඇසිල්ලක
    අපූරුව . . . අපූරුයි !

    ReplyDelete
  2. හ්ම්......
    ඇසිල්ලක වුවත්
    සුවය සහනයක්
    පසු දිනක යලිත්
    මතක මං පෙතේ
    ඈවිද යන විටත් ....

    අපූරුයි තමයි සත්තකින්ම අපූරුයි .....

    ReplyDelete
  3. සොදුරුතම නිමේෂයක් හිතේ මවන්න සමත් උනා මචන් මේ පදපෙළ. නියමෙට ලියලා තියනවා.

    ReplyDelete
  4. හරිම ලස්සනයි මේ පද පෙල නම්...... සොඳුරු මොහොතක් හිතින් විඳින්න පුළුවන් වුනා....

    ReplyDelete
  5. දුකා, Wath, Naya, Raven, විශ්මි
    ස්තුතියි අදහස් වලට...!!! සන්තෝසයි කට්ටිය රසවින්ද එක ගැන.... මට ඒ දැනුන දෙයින් බිඳක්වත් මේ පද ටිකෙන් දෙන්ඩ පුලුවන් උනා නන් ඒක තමයි මගේ සතුට...(හැබැයි මේක පෙම් සුව විඳින අවස්ථාවක්ම නෙවෙයි ;) )

    ReplyDelete
  6. වයසට ගිය යුවලක් .... චෙරිගහක් යට... එකිනෙකාගෙ දෑස් දෙස බලාගෙන... එකිනෙකාගෙ අත්වැල් අල්ලගෙන..

    චමිල අයියා නියමයි...

    ReplyDelete
  7. රවාට : වෙනස්ම අදහසක්.... හැබැයි මලේ මට තවම එච්චර වයසක් නැහැ ;) ඇත්තම සිද්දිය ටිකක් වෙනස්. ඒත් මගේ ඒ පෞද්ගලික අත්දැකීමෙන් එහාට ගිහින් මේකෙන් එක එක අදහස් මතු වෙනව නන් මම ඒකට කැමතියි. ස්තුතියි රවා...

    කවි ද මන්දා ට: ස්තුතියි... :)

    ReplyDelete